82 👬💚❤️

316 74 15
                                    

"මම ඕකීව මරනවා"

පුටුවෙන් නැගිටපු මම යතුරත් අරගෙන එලියට යන්න හදනකොට සීන් මාව නැවැත්තුවා...

"මේ වෙලාවෙ ඔයා කොහෙවත් යන්නෙ නැ...වෙන්න ඕන දේ මම දැනටම කරලා තියෙන්නේ"

======================================

සීන් මාව ආයෙම පුටුවෙ වාඩි කරවලා එයත් මගෙ ලඟින් වාඩිවෙනකොට මම ඔහේ බලාගෙන හිටියා...

මට දුක නැ...කොහෙත්ම දුකක් නෑ සීන් මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා රටේ මිනිස්සු දැනගත්ත එකට...මට තරහයි අර බැල්ලි කරපු වැඩේට...ඒකි නොකිවුවත් මම කවදාම හරි කියනවනෙ සීන් කියන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා..ඒත් අරකි කරේ මගෙන් පලිගත්ත එක...මට ඒකමයි තරහා...කෙල්ලෙක්නෙ කියලා අත ඇරිය එකයි මම කරපු ලොකුම වරද...

ෆෝන් එකට සැරෙන් සැරේ එන කෝල්ස් වලින් වගේම සෝශල් මීඩියා වලත් අහලා තිබුණේ ඒ කතාව ඇත්තද කියලා...සීන් මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ද කියලා...

මිස්ටර් බින් පවා කෝල් කරත් මම කරේ ඒ හැමදේම මග ඇරපු එක...

"බොස්"

"වැඩේ හරිද"

"හ්ම්..දැන්ම යනවද"

"ඔව් විනාඩි 10න් එන්නම්...

බොබෝ අපි යමු ඔයාගෙ යාලුවාව හම්බවෙන්න"

වාඩිවෙලා හිටපු මාව කාමරේට එක්කගෙන ආව සීන් මට ඇඳුමක් දීලා එයත් ඉක්මනට ඇඳුමක් දාගත්තා....ඩෙනිමට කලු ටීශට් එක ඇදලා මාස්ක් එකයි කැප් එකයි දාගත්ත මම සීන් පස්සෙන් ඇවිත් වාහනේට නගිනකොට සීක්‍රට් වාහනේ පාරට දැම්මා...

"බහිමු..."

සීන්ගෙ තැන...කලින් ඇවිත් තියෙන නිසා තැන අදුරගන්න පුලුවන් වෙනකොට මම බැහැලා සීන් එක්කම ඇතුලට ආවා...

යකඩ දොරක් ඇරගෙන ඇතුලට එනකොට පුටුවට ගැට ගහලා ඇස් බැදලා හිටපු කාගෙද කියලා අමුතුවෙන් අදුරගන්න ඕන නැති වෙද්දී ඒ ඉස්සරහින් හිටගත්ත මම ඒකිගෙ කම්මුලට ගැහුවා...පුටුවත් එක්කම බිමට වැටුන වෙන්ඩිව කොල්ලෙක් ආයෙම උස්සලා තියනකොට සීක්‍රට් ඒකිගෙ ඇස් බැඳලා තිබ්බ රෙදි කෑල්ල ගැලෙවුවා...

Turning Point Where stories live. Discover now