සීක්‍රට් තෝරපු ඇඳුමට මගෙත් හිත යනකොට ඔලුව වනපු මම අන්කල්ට ඇඳුම පෙන්නුව...
"පුතාගෙ යාලුවා තෝරලා තියෙන්නෙ හොදම එකක්...අපි දවස් තුනෙන් හදලා දෙන්නම් දරුවෝ...පුතාගෙ යාලුවටත් හොද ඇහැක් තියෙනවා..."
"මගෙ ඇහැ තියෙන්නෙ ඉතින් මගෙ බිත්‍තරේව ලස්සන කරන්න තමයි"
=====================================
"මම මෙතනම ඉන්නවා...බය නොවී ඔයාට පුලුවන් උපරිමෙන් තරඟ කරන්න"
මාස්ක් එකට වැහුණු මූණේ හැඟීම් නොපෙනුනත් ඒ ඇස් දෙක දැක්කම මට හිතුනා එයා සතුටින් කියලා...හීනී වෙලා තියෙන ඇස් දෙක දිහාම බලාගෙන ඉදලා අහක බලපු මම ආය එයා දිහාම නොබලා යන්න ගියේ අද තරඟේ පටන් ගන්න ලං වෙලා තිබුණු නිසා...ඊටත් වඩා මට එයාගෙ ඇස් දිහා බලන්න අපහසුවක් දැණුනා...ගෙදරදි උනත් මම එයා එක්ක කතා කරන වචන කීපය පවා කතා කරෙ එයා දිහා නොබලා...එයාගෙ බැල්ම,එයාගෙ දිලිසෙන ඇස් මට නිතරම ගෙනාවෙ අපහසුවක්...
වෙනදා වගේ අද රොන් මගෙ ලගට ආවෙ නැ...ඒකට හේතුව සීක්‍රට්...සීක්‍රට් ළඟ ඉන්නකොට කාටවත්ම මට ලං වෙන්න දුන්නෙ නැ...
ඒ නිසාම රොන් ඈත ඉදන් thumbs up එකක් පෙන්නලා හිනාවෙනකොට මම යන්තම් ඔලුව හොල්ලලා අනික් අය ඉන්න තැනට ආවා..."මෙතන විකාර ගොඩයි..."
අනික් අය දිහා බලපු මම පැත්තකට වුනේ මේ විකාර දැකලා මට නිකන් ඔලුවෙ කැක්කුම වගේ දැණුන නිසා...
පාට පාට ගොඩක් මැද මම විතරක් කලු ඇඳලා...ඔව් ඉතින් සීක්‍රට්ට ඕන වුනේ මාව කැපිලා පේන්නනෙ...මට බය කැපිල පේන්න ගිහින් පෙනිලා කැපිලා යයිද කියලා...
කෙල්ලයි කොල්ලයි...කෙල්ලයි කොල්ලයි...මාරුවෙන් මාරුවට තමන්ගෙ හැකියා ඉදිරිපත් කරනකොට මම මගෙ අවස්ථාව එනකන් බලන් හිටියා...මේ කාලෙට උන එක හොද දෙයක් තිබුනා...ඕඩියන්ස් එක ඉස්සරහට යන්න මුල් කාලෙදි තිබුණ බය මේ වෙනකොට ගොඩක් දුරට අඩුවෙලා තිබුණා...
YOU ARE READING
Turning Point
Fanfictionහිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚