21 👬💚❤️

413 92 12
                                    

Zhan's Pov

"ඩොක්ටර් සීන්...වන්ග් යිබෝට මුල ඉදන්ම ට්‍රීට්මන්ට් කරේ ඔයා නේද...වන්ග් යිබො කියන්නෙ මුල ඉදන්ම මානසික රෝගෙකින් පෙලුන දරුවෙක්ද"

"නැහැ...එයාට පොඩි කාලේ ඉදන් තිබුන දෙයක් නෙමේ ඒක...අධික මානසික පීඩනයක් දරාගන්න බැරුව ඇතිවුන තත්ත්වයක් ඒක....

"අධික මානසික පීඩනයක්....මේ වයසෙ දරුවෙක්ට ඇතිවුන පීඩනය මොකක්ද...ඩොක්ටර් සීන් පැහැදිලි කරනවද අපිට..."

"ඒකට හේතුව යිබෝගෙ පපා...මිස්ටර් වන්ග්...හොස්පිට්ල් ඇඩ්මිට් කරපු මුල් දවස් වල යිබෝ කිසිම කෙනෙක්ව ආශ්‍රය කරේ නෑ...නිතරම බයෙන් කෑ ගහනවා...ගහන්න එඔආ රිදෙනවා කියනවා...එයාට ටික ටික සනීප වුනාම තමා දැනගත්තේ ඒ එයාගෙ පපා..මිස්ටර් වන්ග්ට බයේ කෑ ගැහුවේ කියලා..
මිස්ටර් වන්ග් යිබෝව හිරකරගෙන හිටපු නිසා වගේම පහරදීම් නිසා තමා යිබෝට අසනීප වුනේ...මොකද එයාට එයාගෙ හිතේ තියෙන දුක පීඩනය කියාගන්නවත් කෙනෙක් හිටියේ නෑ...කෙනෙක් හිටියේ නෑ නෙමේ මිස්ටර් වන්ග් එයාට කාවවත් ආශ්‍රය කරන්න දුන්නෙ නෑ..."

"විරුද්ධයි ස්වාමිනී...මිස්ටර් වන්ග් එයාගෙ පුතා යිබෝව හිරකරගෙන හිටියේ නෑ...කාවවත් ආශ්‍රය කරන්න නොදී හිටියෙත් නෑ..."

"ස්වාමීනි...මේ තියෙන්නෙ සාක්ශි...යිබොගේ ස්කූල් එකේ එයාගේ ක්ලාස් එකේ ළමයින්ගෙන් ගත්ත වීඩියෝස් වගයක්...මේවගෙ පැහැදිලිව කියනවා යිබෝට ස්කුල් එකේ යාලුවෝ හිටියේ නෑ කියලා...ඒ වගේම යිබෝ පලවෙනි වතාවට ක්ලාස් එකේ ලමයි වගයක් එක්ක බීච් ගිහින් ගෙදර ගියාට පස්සෙ ආය ස්කූල් ආවේ නෑ කියලා...ඒ හැමදේම ඇත්ත නේද ඩොක්ටර් සීන්..."

"ඔව්...යිබෝට ට්‍රීට්මන්ට් කරන්න කලින් මම එයා ගැන විස්තර හොයවුවා...මොකද ඒක මට ට්‍රීට්මන්ට් කරන්න පහසුවක් නිසා...එතකොට තමා මට මේ විස්තර හම්බවුනේ..."

"දැන් ඔබතුමාට පැහැදිලි නේද ස්වාමීනී මිස්ටර් වන්ග් කලින් පැවසුව වගේ යිබෝ කා එක්කවත් රණ්ඩුවක් නිසා මෙහෙම තැලුම් පාරවල් ඇතිවුනා කියන එක බොරුවක් කියලා"

අපෙ ලෝයර් එකින් එක සාක්ශි මිස්ටර් වන්ග්ට විරුද්ධව ඉදිරිපත් කරනකොට මිස්ටර් වන්ග් බලාගෙන හිටියේ මම දිහා...ඒ ඇස් වල තිබුනේ මෙච්චර කල් දැකපු තරහට වඩා වෛරයක්...එහෙම වෙන්න ඕනනේ...රටක්ම දැනගෙන හිටපු ප්‍රොෆෙසර් වන්ග් ගේ සැබෑ චරිතේ මේ විදියට රටටම එළි කරන්නේ මමනේ....

Turning Point Where stories live. Discover now