58 👬💚❤

306 69 9
                                    


"හිතන්න එපා..එයාට දැන් ගොඩක් දුරට හොදයි...ඔයාව සනීප කරා වගේම මම එයාවත් සනීප කරනවා"

"ඔව් මට විශ්වාසයි ඔයා ඒක කරනවා කියලා"

සීන් දිහා බලල යන්තම් හිනාවක් දුන්න මම එයා එක්කම ඇවිත් වාහනේට නැග්ගා...

==============================================

"රොන්...මොකද බන් මේ දොර ළඟ"

"කොහෙද යකෝ යන්නෙ...කෝල්ස් කීයක් ගත්තද ෆෝන් එක ආන්සර් කරන්න බෑ...උබ දැනටම අපිව හලලා නේද"

"මොන හැලිලිද බන්...යමන් ඇතුලට"

අපි දිහා බලලා මොකුත්ම නොකියා කෙලින්ම ගේ ඇතුලට
යන සීන් දිහා බලාගෙන මම රොන්ටත් ගේ ඇතුලට එන්න කීවා...

"සීන් රොන්ට බොන්න දෙයක් හදනවද"

ෆ්‍රිජ් එක ලග හිටපු සින්ට බොන්න මොනා හරි හදන්න කියලා මම රොන් ලගින් වාඩිවුණා....

"උබට මම කියපු ඒවා අමතක ද බෝ"

"මොනවද"

"මම උබට කීවනෙ උබගෙ මැනේජර් වෙන්නෙ මම කියලා...උබ මට නොකියම පලවෙනි වැඩේට ගියා නේ"

"කවුද බන් නොකියා ගියේ කෝල්ස් කීයක් ගත්තද...මැසේජස් කීයක් දැම්මද...දැන් මෙතන මට එක එක කියන්නෙ"

"හ හා ඉතින් විහිලුවටනෙ...ඒක නෙමෙයි ඊලග දවසෙ ඉදන් මම එනවා බන් හොදේ...මම තමා උබගෙ සහයකයා"

"මෙන්න බොන්න"

"චාන්ගා මාත් එක්ක තරහා වෙලාද"

බීම කෝප්ප දෙක අපිට දීලා යන්න හදන සීන්ගෙන් රොන් එහෙම අහනකොට සීන් නැවතිලා රොන් දිහා බැලුවා...මාත් සීන් දිහා බැලුවේ මෙච්චර වෙලා හොදට හිටපු කෙනා රොන්ව දැකපු ගමන් ගොලු වුණ නිසා...

"මම මොකද තරහා වෙන්නෙ රොන්...ඇයි ඔයා මට වරදක් කරලා තියෙනවා ද ම්ම්..."

"නැ එහෙම නැ...කතා නොකරපු නිසා ඇහුවේ"

"යිබෝ මම රූම් එකට යනවා..අද රෑ කෑමට මොන හරි ඕඩර් කරන්න"

රොන්ට ආපිට උත්තර නොදුන්න සීන් මට කෑම ඕඩර් කරන්න කියලා කාමරේට ගිහින් දොර වහගත්තා...

"උබ ඉන්නවද...රෑට කෑම කාලා යමු"

"එපා බන්...උබෙ දොස්තර මාත් එක්ක හිත හොදින් නෙමෙයි වගේ...ඒක නෙමෙයි උබ දොස්තරයා එක්ක යාලු වුනාද"

Turning Point Where stories live. Discover now