"සොරි පුතා මම නිසා පුතාට ඒ වගේ පේශන් කෙනෙක් හම්බුනේ..."
"එහෙම කියන්න එපා ඩොක්ටර් මේක අපෙ රාජකාරියනෙ...අනික මට හිතෙනවා මෙතන අපි හිතනවට වඩා දෙයක් තියෙනවා කියලා..."
"අපි ඔය ගැන පස්සෙ කතා කරමු සීන් මුලින් ඔය තුවාලෙට බෙහෙත් දාලා ඉමු...මෙතනින් වාඩිවෙන්නකො"
ඩොක්ටර් හියුන් තුවාලෙට බෙහෙත් දානකොට මම බලන් හිටියේ දොර දිහා...මට දැනගන්න ඕන යීබෝට නින්ද ගියාද කියලා...
"ඩොක්ටර් පේශන්ට නින්ද ගියා..."
"හරි ඔයා යන්න...ඒ වගේම කාට හරි කියන්න සැරින් සැරේට එයාව ටිකක් චෙක් කරන්න කියලා...එයාට ඇහැරුනාම එයාගෙ රූම් එක ඇතුලට යන්න කලින් මාව දැනුවත් කරන්න කියලත් කියන්න"
"හරි ඩොක්ටර් "
නර්ස් ගියාම මම හැරුනේ ඩොක්ටර් හියුන් දිහාට...ඩොක්ටර් මූණෙන් පෙනුනෙ එයත් මේ ගැන බැරෑරුම්ව හිතනවා කියලා...
"ඩොක්ටර් මට නම් හිතෙන්නෙ අපි මුලින්ම මේරි කියන කෙනාව හොයාගන්න ඕන...එතකොට අර ලියුම ලියන්න ඇත්තෙත් මේරි...පේශන්ට උන දේ ගැන හරියටම දන්නෙ එයා කියලයි මට හිතෙන්නෙ"
"මමත් ඒක තමා පුතා හිතුවේ...ඒත් අපිට පොලිසියටවත් යන්න බැරි මෙයාගෙ ආරක්ෂාව ගැන හිතලමයි...මොකද මට නම් හිතෙන්නෙ කොල්ලාට මෙහෙම උනාට හොදට සල්ලි තියෙන කොල්ලෙක් කියලා...ඉතින් අපි කොහොමද මේරි කියන කෙනාව හොයාගන්නෙ"
"අපි මුලින්ම patient control කරගන්න ට්‍රයි කරමු ඩොක්ටර්...ඊට පස්සෙ අපි ඊලගට කරන්න ඕන දේවල් තීරණේ කරමු"
"හරි දරුවෝ ඔයා එහෙනම් රෙස්ට් කරන්න මෙතන painkillers දෙකකුත් තියනවා ඒකත් බොන්න...මම වෝඩ් එක පැත්තෙ ගිහින් එන්නම්"
"හරි ඩොක්ටර්"
ඩොක්ටර් ගියාම අලුත් ෆයිල් ගත්ත මම යීබෝගෙ විස්තර ලියන්න ගත්තා...ඒත් මොනවා ලියන්නද...නම විතරක් ලියපු මම දැනට එයාගෙ තත්වෙ මොන වගේද කියලා ලියලා ෆයිල් එක අයින් කරා..
අත රිදෙනවා...සමහර වෙලාවට එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් ගුටියක් කෑවට මෙහෙම ලොකු තුවාලයක් උන පලවෙනි පාර...වෙන අය නම් මගෙ හිනාවට කතාවට මෙල්ල වෙනවා ඒත් මේ පොඩි කොල්ල නම් එහෙම නෑ වගේ...
YOU ARE READING
Turning Point
Fan fikciaහිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚