60 👬💚❤

321 71 24
                                    

"රොන් තමුන්ට මිස්ටර් වන්ග් එක්ක තියෙන සම්බන්ධෙ මොකක්ද...මට පේන විදියට ඒක ලඟදි ඇතිවුණ එකක් නම් නෙමෙයි වගෙ..."

"යිබෝ මෙ...වන්ග් අන්කල් අපෙ පපාගේ යාලුවෙක්...ඉතින් මම කලින් ඉදන්ම එයාව දන්නවා...අදත් මෙහෙ ආවෙ අන්කල් අසනීපයි කිවුව නිසා බලන්න"

======================================

"ඇත්තට...ඒත් මම කවදාවත් ඔයාවත් ඔයාගෙ පපාවත් මීට කලින් මිස්ටර් වන්ග් ව මුණගැහෙන්න එනවා දැකල නැනේ"

"ඔව් යිබෝ මේ...එහෙම කිට්ටු සම්බන්ධයක් තිබුණේ නැ ඉස්සර...මේ ළඟදි ඉදන් අන්කල් තනියම නිසයි මම මේ...බලලා යන්න ආවේ"

රොන් ගොත ගගහා කතා කරනකොට සීන් නම් අත් දෙකත් බැඳගෙන එයාට අදාල නැ වගෙ ඉන්නව...

"රොන් මම උබව මගෙ හොදම යාලුවා කරගත්තා...මේ කාලෙට මම උබ ගැන දන්නවා...ගොත ගගහා බොරු කියන්නෙ නැතුව මට ඇත්ත කියපන්"

විශ්වාස කරන උන් හැමෝම මාව රවට්ටන්නෙ ඇයි කියලා මට මම ගැනම අනුකම්පාවක් දැනෙනකොට ඒ හා සමානව අනික් උන් හැමෝම ගැන තරහක් දැණුනා...එකින් එක අමුණලා බොරු කියන රොන්ට හෙමින් නමුත් තදින් ඇත්ත කියන්න කියනකොට රොන් මොකක් හරි කියන්න කට අරින්න යනකොට...,

"බොස්"

දොර ළඟින් ඇහුණ කටහඬ එක්ක අපි හැමෝම දොර පැත්ත බැලුවා...

"ඇයි මාක්"

"සීක්‍රට් ආවා...හැබැයි තව කෙනෙක් ඉන්නවා එයාව ඇතුලට ගත්තට කමක් නැද්ද"

"ඔව් අනිවාර්යයෙන්...අපිට එයාව ඕනමයි...ඉක්මනට එන්න කියනවා"

සෝෆා එකෙන් නැගිටලා දොර ළඟට යන ගමන් කියපු සීන් දොර ලග හිටගෙන බලාගෙන හිටියා...

"ආ බොස්...සැප සනීපෙන් ඉන්නවා නේ"

"යකෝ උබ කතා කරන්නේ හරියට මාව අවුරුදු ගානකින් දැක්කා වගේනේ...වරෙන් වරෙන් ඇතුලට මේවා මගෙ මාමණ්ඩිගෙ කියන්නෙ මගෙ වගේ තමා...ශේන් ඔයත් එන්න"

සීක්‍රට් ගේ ස්වීට් ටකරන් වොයිස් එක එලියේ ඉදන්ම ඇහෙනකොට සීන් සීක්‍රට් ගේ බෙල්ලෙන් ඇඳලා ගේ ඇතුලට දාලා ශේන් එන්න කියනකොට මෙච්චර වෙලා වාඩිවෙලා හිටපු මම නැගිටලා එයාලා ලගට ගියා...

Turning Point Where stories live. Discover now