මට ඕන ඔයා ඔයාගෙ හීනෙට යනවා දකින්න...ඔයාට ලැබුණෙ නැති ජීවිතේ විදිනවා දකින්න...
ඒ වගේම හැමදේම මටම ආදරේ කරනවා දකින්න...මට එච්චරයි ඕන පණ...
======================================
"මම කවදාවත් ඔයාව දාලා යන්නෙ නැ"
සීන් අන්තිම වචන ටික කියවුවේ වෙන්ඩි නිසාදෝ කියලා හිතුනත් ඒ ගැන මොකුත්ම ඇහුව නැති මම එයාවත් එක්කගෙන එලියට ආවේ සීක්‍රට් තනියම නිසා...
"කෝ බන් මේකේ බිස්කට්"
"ඔය තියෙන්නෙ"
"තියෙනවා බෝතලේ විතරක්...අපි කවදාහරි දුප්පත් වෙන්නෙ උබට කන්න දීලා"
"හි හී..."
කකුල් දෙකත් සෝෆා එක උඩ තියාගෙන ටීවි එක දිහා බලාගෙන ඉන්න සීක්‍රට් බිස්කට් බෝතලේම ඉවර කරලා තියෙනකොට මම ඌට කෑ ගැහුවත් සීන් වචනයක්වත් කිවුවේ නැ...ඒ එයාගෙ හැටි...කොච්චර රණ්ඩු උණත් දණ්ඩට ඕන හැමදේම එයා දෙනවා...
දණ්ඩා මෝඩ හිනාවක් දානකොට උගෙ ඔලුවට ගහපු මම ඒකගෙ අතේ තිබුණ අන්තිම බිස්කට් එක අරගෙන කනකොට දණ්ඩා මගෙ කට ඇතුලට අත දාලා ඒක ගන්න හැදුවත් මම හයියෙන්ම ඒ ඇඟිලි හැපුවා...
කෑ ගහගෙන සීන් ලගට ගිය දණ්ඩා සීන්ගෙ උකුලෙන් ඔලුව තියාගත්තම මම කකුල් දෙකත් උඩ තියාගෙන සැපට ටීවී බලන්න පටන් ගත්තා....
අලුත් ඩ්‍රාමා එකකට සම්බන්ධ වෙලා දුර ලොකේශන් එකක ශූටින් වලට මේ දවස් වල බිසී වෙලා හිටපු මම ගෙදර ආවෙත් සතියකට සැරයක් වගේ...සීන් එක්ක ඉන්න තියෙන කාලය අඩු නිසාම මම අද නිවාඩු දවසේ එයා එක්ක එලියට යන්න ප්ලෑන් කරේ මගෙ වෘත්තීය ජීවිතේ නිසා පෞද්ගලික ජීවිතේ නැති කරගන්න බැරි නිසා...
සීන් අද වරුවක් වැඩ...එයාව 11 වෙනකොට හොස්පිට්ල් එකෙන් ගන්නම් කියලා මැසේජ් එකක් දාපු මම මාස්ක් එකක් කැප් එකක් දාගෙන පහලට බැස්සේ දැනටම වෙලාව 10.30 නිසා...
"ඩොක්ටර් සීන් හම්බවෙන්න"
"ඩොක්ටර් වෝඩ් එකට ගියා...ඩොක්ටර්ගෙ රූම් එකට යන්න මිස්ටර්"
"Thank you"
සීන් තාම වැඩ ඉවර නැති නිසා හොස්පිට්ල් එක ඇතුලටම ආව මම ඔෆිස් එකට නොයා ටිකක් ඇවිද්දේ තැන් තැන් වල ඉන්න මිනිස්සු දිහා බලාගෙනම...
YOU ARE READING
Turning Point
Fanfictionහිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚