55 👬💚❤️

297 75 14
                                    

මිස්ටර් බින්ට ආචාර කරපු මම ස්ටූඩියෝ එකෙන් එලියට ආවේ කියාගන්න බැරි තරම් සතුටකින්...පලවෙනි හේතුව මම මගෙ උත්සහයෙන් කරපු දේක ප්‍රතිපල අද මට හම්බුනා...අනික් අය නම් කියයි ඕක එච්චර දෙයක්ද කියලා...ඔව් එච්චර දෙයක් තමයි...මේ අවස්තාවත් මට ලැබුණේ මගෙ උත්සහය නිසා...අනික් හේතුව රටේම ප්‍රසිද්ධ මිස්ටර් බින් එක්ක මට වැඩ කරන්න හම්බවුන එක...තුන්වෙනි හේතුව තමයි මට හම්බෙන සල්ලි...මම අලුත් කෙනෙක් උනත් එයාලා මට හිතුවට වඩා වැඩි සල්ලියක් ගෙවනවා...ඉතින් මට සතුටුයි....ඉක්මනට සීන්ගෙ ණය ගෙවන්නත් පුලුවන් වෙයි මෙ වැඩේ හරියට කරොත්...
=====================================

Zhan's Pov

"මොනවද බන් සීන් කල්පනා කරන්නේ"

මාස ගාණක්...අවුරුද්දකට ලං වෙන්න තරම් කාලයක් අතුරුදන් වෙලා හිටපු මම දැන් ආයෙමත් කලින් හිටපු තැනමයි...කලින් ජොබ් එක...එතකොට සන්ජින් උබ සීක්‍රට් එහෙම උබගෙ මමා පපා මේ හැමදේම මට ආයෙමත් කලින් විදියටම ලැබුණා...හැබැයි එක දෙයක් ඇරෙන්න...මගෙ යිබෝ ඇරෙන්න අනික් හැමදේම මට ලැබුණා බන්"

"යිබෝට කාලය දීපන් බන් හැමදේම ඉක්මනට විසදෙයි...මම උනත් මේවට වග කියන්න ඕන බන්...උබ නොකියම මට පිස්සු හැදුනා...මට හිටිය එකම යාලුවා සහෝදරයා උබ...ඉතින් මටත් නොකියම ගියාම...ඒකට හේතුව යිබෝ කියලා මතක් උනාම මට ඒ කොල්ලව මරන්න තරම් තරහක් ආවා බන්...ඒත් උබ අන්තිමට කියලා ගියෙත් යිබෝව පරිස්සම් කරන්න කියලානෙ...ඒ නිසයි මම මාසෙකට සැරයක් හොස්ටල් එකට බඩු ගිහින් දුන්නේ...කොල්ලෝ සැරින් සැරේ මාව හොයාගෙන ආවා මගෙ ළඟ ඇඩුවා ඒත් මට යිබෝව දකින ගානෙට හිතුනෙ මට උබව නැති වුනේ යිබෝ නිසා කියලමයි...ඒ නිසාම මම යිබෝව මග ඇරියා.සමහර වෙලාවට මූණටම බැන්නා එලවගත්තා...ඒ මොනා කරත් යිබෝ මගෙ ලගට පුලුවන් වෙලාවට ඇවිත් ඇහුවේ චාන්ගා කොහෙද එයා හොදින් ද කියලා...දවසක් මට ඒක ඉවසගන්නම බැරි වෙලා මම කිවුවා උබව දැන් යිබෝට අයිති නෑ කියලා...කොල්ලා මගෙනුත් ඈත් වුනා බන්...සන්ජින් ගගා කියලා මගෙ ලග හුරතල් වුන කොල්ලාට මාව මිස්ටර් සන්ජින් උනා...දැන් මගෙ මූණවත් බලන්නෙ නැ...ඉස්සර හිටපු යිබෝව නැති කරල දැන් ඉන්න නපුරු යිබෝව හදන්න මමත් හේතුවක් බන්"

Turning Point Where stories live. Discover now