14 👬💚❤️ (BONUS)

553 118 13
                                    

Zhan's Pov

"සද්ද නොකර පස්සෙන් වරෙන්...මම උබට සිග්නල් එක දුන්නම ඕවත් අරගෙන වරෙන් හොදේ..."

"හරි හරි මට දැන් ඕක කටපාඩම්...දැන්වත් පලකෝ මගෙ අත් දෙකත් රිදෙනවා රෙද්ද...කවුද හිතුවෙ ඩොක්ටර් ශූ සන්ජින්ට මෙහෙම දේවලුත් කරන්න වෙයි කියලා..."

කලු පාට කලිසමයි කලු පාට ටී ශට් එකයි ඇඳලා කලු පාටම මාස්ක් එකක් දාගත්ත මම ශූ ගෙ බැනුම් මැද හොරෙන් හොරෙන් පඩිපෙල නැගගෙන දොර ලගට ආවා...

වටපිට බලලා දොරේ ලොක් එක කඩාගත්ත මම සද්ද ඇහෙන්නෙ නැතිවෙන්න අඩි තියලා කරුවලේම ගේ අස්සට රිංග ගත්තා...ලොකුම වැඩේ හරි...පට්ට කරුවලනෙ යකෝ...ටෝච් එකක් පත්තු කරන්නත් බෑ අහුවෙයි...

"ආව්...අත ඇරපියවු යකෝ...මාව මරන්නද හදන්නේ...මාව අත ඇරපන්...ආව්....ආව්වා.....ගහන්න එපා මාව අත ඇරපල්ලා...කවුද උබ...එහාට පලයවු..."








































"චාන්ගා....මේ ඔයාද...."

"අඩෝ සීන්...මොකක්ද ඒ සද්දෙ බන්..."

"මොන මගුලක්ද යකෝ කරන්නේ...ලයිට් එක දාපන්...අම්මේ මගෙ කොන්ද...උස්සපියවු මාව උස්සපියවු..."

හොරෙන් හොරෙන් ඇතුලට ආව මට එක පාරටම පොල්ලකින් ගහගෙන ගහගෙන යනකොට බිම වැටීගෙන කැ ගහපු මම කරුවලේම මේසයක් අස්සට දනගෑවා...

මගෙ සද්දෙට යිබෝ බය වෙලා ලයිට්ස් ඔන් කරනකොට ශු ත් දුවගෙන ආවා...බිම වැටිලා ගුටිත් කාලා හිටපු මම කොන්දත් අල්ලගෙන දනහිසකුත් අල්ලගෙන සෝෆා එකෙන් වාඩිවෙලා මගෙ ඉස්සරහා පිළිම දෙකක් වගේ ඉන්න බෝ දිහායි ශු දිහයි රවලා බැලුවා...

"අම්මෝ අම්මෝ සීන්...🤣🤣🤣🤣🤣🤣කොහොමද සප්‍රයිස් එක...හම්බුනා නේද අමතක නොවෙන්න කෑමක්...මගෙ වෙලාවට යකෝ මම පස්සෙන් ආවේ...මට බෑ හම්මෝ...උබෙ මූණ නිකන් තැලිච්ච ගස්ලබු ගෙඩියක් වගේ බන්...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣"

හිනාව කාගෙන හිටපු ශූ එක පාරටම මහ හයියෙන් ඉවරයක් නැතුව හිනාවෙද්දී බෝදිත් හිනාව එලියට එන්න නොදි තොල් දෙකත් තද කරගෙන බලන් හිටියා...

Turning Point Where stories live. Discover now