24 💚❤️

434 82 9
                                    

"ආ ශේන් මේ කවුද...අලුත් ලමයෙක්ද"

හොස්ටල් එකට ආව මම එහෙම ඇහුවේ අපෙ රූම් එකේ හිටපු කොල්ලෙක්ව පෙන්නලා...

"බෝ...ඔයා ආවද අනේ..."

"ක්‍රහම්..."

රූම් එකට ආව ගමන් මාව දැකපු ශේන් මාව බදාගන්නකොට මගෙ පිටිපස්සෙ හිටපු චාන්ගා එයා ඉන්නවා කියලා අගවන්නද කොහෙද උගුර පාදනකොට ශේන් ඉක්මනට ආව අතැරියා...

"ආහ් චාන්ගා...සොරි ඔයාව දැක්කෙ නෑ අනේ...එන්නකො බෝ මේ ඉන්නේ අපෙ රූම් එකට ආව අලුත් ළමයා..."

"හායි මම ශියාඕ යිබෝ...එතකොට මේ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් සීන් ශියාඕ චාන්"

"හලෝ මම මයික් රොන්...මට රොන් කියන්න"

"බෝදි එහෙනම් මම යනවා පරිස්සමෙන් ඉන්න...පාඩම් වැඩ හරියට කරන්න..."

මගෙ ඔලුවත් අතගාලා කන්න අරන් දුන්න ඒවත් ඇඳ උඩින් තියපු චාන්ගා රොන් දිහාත් හොදට බලලා ශේන්ටත් පොඩි හිනාවක් දාලා යන්න ගියා...
ඇඳ උඩ තිබුන බෑග් ටිකත් අරගෙන කිචන් එකට ආව මම ඒ ටික පැන්ට්‍රි එකට දාලා වොශ් එකක් දාගන්න ආවා...


සති දෙකක් විතර ගෙවුනේ කොලේජ් එකේ වැඩ වලටම බිසි වෙලා...චාන්ගව මීට් වෙන්නවත් වෙලාවක් තිබුනෙ නැත්තේ මට මග ඇරුනු පාඩම් වගේම ලග එන එක්සෑම් එකටත් ලෑස්ති වෙන්න උන නිසා...මේ සති දෙක ඇතුලත උන විශේෂ දේ නම් යාලුවෙක් විදියට ශේන්ට වඩා රොන් මට ලං වුන එක...අපි දෙන්නම අලුතෙන් නිසා නිතරම පාඩම් කරන්න සෙට් උනෙත් අපි දෙන්නා...

"මේ බෝ...මෙහෙ නැද්ද ඇවිදින්න ලස්සන තැන්"

"අපෝ ගොඩක් තියෙනවා රොන්...මොකද ඔයාට කම්මැලිද හොස්ටල් එකේම ඉදලා"

"ඔව් බෝ...ඔයාට අද ගොඩක් වැඩ නැත්තං යමුද එලියට...මම ශේන්ගෙනුත් අහන්නම්"

"ම්ම්ම් හරි එහෙනම් යමු"

පැයකින් අපි හොස්ටල් එකෙන් එලියට ආවත් යන්න තැනක් හිතලා තිබුනෙ නැති නිසා ටික වෙලාවක් පාර දිගේ ඇවිද්දා...

"බීච් යමුද...ගේම් කැෆේ එක්කට යමුද"

"ගේම් කැෆේ එකකට යන්න සල්ලි තියෙනවද"

Turning Point Where stories live. Discover now