75 👬💚❤️

289 64 15
                                    

දවසින් දවස මම මගෙ හීනෙට ලං වෙනකොට දුක හිතෙන දේවල් නොවුණෙ නැතුවම නෙමෙයි...සැරින් සැරේ පපා ආයෙමත් මට කතා කරනකොට මම පුලුවන් තරම් ඒවා මග ඇරලා හිටියේ සීන්ගෙ වගේම සීක්‍රට් ගේ උදව්වෙන්...තරහක් නැති උනත් මට ආයෙමත් එයා එක්ක සම්බන්ධයක් හදාගන්න ඕන නැ...
===================================

"යිබෝ ඔයාට ශුවර් ද මම එන්න ඕන නැ කියලා"

"ඔව් සීන් ඔයා හොස්පිට්ල් යන්නකො මම සීක්‍රට් එක්කනෙ යන්නෙ...බය වෙන්න එපා..."

"අනේ මන්දා මට හිතට මොකදෝ වගේ...දැන් ඉතින් ඔයාට ඔක්කොම වහගෙනනෙ ඇවිදින්න වෙලා තියෙන්නෙ...ඒ නැත්තං කොහෙ ගියත් අර ඔයාගෙ ෆෑන් ක්ලබ් එකේ කෙල්ලො ටික පස්සෙන්මයි...මට නම් කේන්තී"

"ශාන්ති ශාන්ති...නිමෙන්න බොස් නිමෙන්න"

"උබ කටවහපන් සීක්‍රට්..."

"අපි දැන් යනවා...ඔයත් එනවා නම් අපි එක්කම යමු හොස්පිට්ල් එක ලගින් දාගෙන යන්නම්"

අද මට tv චැනල් එකකින් ඉන්ටර්විව් එකකට කතා කරලා තියෙනකොට සීන් උදේ ඉදන්ම දගලන්නෙ මාත් එක්ක යන්න...සීන් කියනවා වගේ දැන් ටික ටික මිනිස්සු අතරට යනකොට නිදහස චුට්ටක් සීමා උනත් මිනිස්සුන්ට මාව මතක නිසා පොඩි සතුටකුත් නැතුවම නෙමෙයි...

සීන්ගෙන් බැනුම් අහපු සීක්‍රට් බිස්කට් පැකට් එකත් අරගෙන හොරෙන්ම එලියට යනකොට මාත් ඒ පස්සෙන්ම ආවේ සීන්ටත් පහළට එන්න කියාගෙන...

"පරිස්සමෙන් යන්න සීන්...මම ඉවර උන ගමන් ඔයාට කතා කරන්නම්"

"ඔයත් පරිස්සමෙන් යිබෝ...අමතක කරන්න එපා මම ඔයාට ගොඩක් ආදරෙයි"

"මාත් ආදරෙයි"

"සීක්‍රට් මගෙ මිනිහව පරිස්සම් කරපන් හොදද...නැත්තං ආය කෑම කන්න උබගෙ දත් ටික මම ඉතුරු කරන්නෙ නැ"

"මේක මාර වැඩක්නෙ බොස්...බොස්ගෙ මනුස්සයා වරදක් කරොත් මගෙ කිරි දත් ටික පලිද...මේවා මහ අසාධාරණ කතා බොස්..."

"කිරි දත්...අනේ යකෝ පුත්තලම් බූරුවෝ දෙන්නෙක්ගෙ වයස...ඒත් තියෙන්නෙ කිරි දත්ලු... ක යන්නෙ ඉස්පිල්ල අයින් කරලා ඇලපිල්ල දැම්ම නම් හරි වචනේ එනවා"

Turning Point Where stories live. Discover now