08 💚❤️

585 133 13
                                    

"බබී...ඔයා නිදිද...ආ මේ ඉන්නේ අපෙ පොඩි කොල්ලා...මම ඇතුළට එන්නද බබි..."

යිබෝගෙ කාමරේට ඔලුව දාපු මම මුලින්ම එයා කොහෙද කියලා බැලුවා...වෙනදට ඇඳට වෙලාම ඉන්න කොල්ලා අද ජනෙලෙ ලගට වෙලා එළිය බලාගෙන ඉන්නවා...මම ඇතුලට එන්නද අහනකොට මගෙ දිහා බලලා යිබෝ ආයම ජනෙලෙ දිහා බලාගත්ත නිසා මම ඇතුලට ආවා...

"එන්නකො බබී අද මම ඔයාව ගමනක් එක්කගෙන යනවනේ...එනවද මාත් එක්ක..."

යිබෝගෙ ලගට ගිහින් ෆෝන් එක පෙන්නලා එනවද අහනකොට මගෙ පැත්ත හැරුනු යිබෝ ඔලුව හෙල්ලුවා...හොස්පිට්ල් එකෙන් දුන්න ඇදුම් වෙනුවට මම ගෙනාව ශෝටකුයි ටී ශට් එකකුයි එයාට ඇන්දුවේ ඒක එයාට පහසු වෙයි කියලා හිතලා...ඇදුමත් අන්දවලා කොන්ඩෙත් පීරපු මම එයාගෙ අතින් අල්ලගෙන හොස්පිට්ල් ගාර්ඩ්න් එකට ආවා...

එක එක වර්ගෙ මල්,විසිතුරු ශාක වගේම තැනින් තැන බෙන්ච් හදාලා තිබ්බේ දකින කෙනෙක්ගෙ ඇහැට ප්‍රිය වෙන්න...මොකද මෙතන හැමදේම තව කෙනෙක්ගෙ මනසට සැහැල්ලුවක් දෙන්න තියෙන්න ඕන...

"වාඩිවෙන්නකෝ...අද අපි ඔයා කැමතිම දෙයක් කරන්නයි යන්නේ..."

යිබෝව බෙන්ච් එකකින් වාඩි කරවපු මම එයාගෙ එහා පැත්තෙන් වාඩිවෙලා එයාගෙ දිහ  බැලුවා...

"මේක ඔයාට...ඔහොම ඉන්නකෝ...දැන් හරි"

Headphone දාපු මම සිංදුවක් ප්ලේ කරා

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

Headphone දාපු මම සිංදුවක් ප්ලේ කරා...

Love me like you do...

කිසිම සද්දයක් නැතුව සිංදුව අහන එයා දිහා බලන් හිටපු මම එයාගෙ මූණෙ හැඟිම් කියවන්න උත්සහා කරා...
එයා සතුටෙන්...මූණෙ හිනාවක් නැති උනත් එයාගෙ ඇස් වලින් මට තේරුනා එයා සතුටින් කියලා...හිතට පොඩි සතුටක් දැනෙද්දි එයාගෙ ඔලුව අතගාපු මම ඈත් පේන බිල්ඩින් දිහා බැලුවා...

Turning Point Onde as histórias ganham vida. Descobre agora