71 👬💚❤️

267 67 32
                                    

මිස්ටර් බින් හැමදාම වගේ මට පුලුවන් කියනකොට script එකත් කියවලා බලපු මම කතාවක් හිතට අල්ලපු නිසා ඔඩිශන් එකට යන්න කැමති වුණා...

අවස්ථාවක් ලැබෙයිද දන්නෙ නෑ හැබැයි මට පුලුවන් උත්සහා කරන්න...

====================================

"දැන් ඔය කතාවෙ නිලියෝ ඉන්නවද...ඔය කතාවේ තමුන්ට කෙල්ලෙක් ඉන්නවද"

ගෙදර ඇවිත් සීන්ට ඩ්‍රාමා එක ගැන කියනකොට එයා මගෙන් අහපු මුල්ම ප්‍රශ්නෙ...

"මම කීවානෙ සීන් මේක ඩාන්සින් සම්බන්ධ ඩ්‍රාමා එකක්...මේකේ වෙන්නේ මමයි තව කොල්ලෙකුයි අතර යන සීතල ගැටුමක් වගේ දෙයක්...

කෙල්ලෙක් ඉතින් ඉන්   න  වා....


හැබැයි මට නෙමෙයි අනික් නලුවට"

කෙල්ලෙක් ඉන්නවා කියනකොට සීන් බලපු බැල්මට මට නිකන්ම හැබැයි මට නෙමෙයි අනික් නලුවට කියලා කියවුණා....

"මම ඔයාට කෝපි එකක් හදාගෙන එන්නම්"

සීන් මගෙ ලඟින් නැගිටලා යනකොට මමත් එයා පස්සෙන්ම කිචන් එකට ආවේ සීන් ඉන්නෙ හිත හොඳින් නෙමෙයි කියලා දැණුන නිසා...

"සීන්..."

"මොකද ම්ම්ම්..."

සීන්ගෙ ඉණවටේ අත් බැඳගෙන එයාගේ උරහිසෙන් මූණ තියාගත්ත මම එයාගෙ බෙල්ල පාමුලට දැනෙන නොදැනෙන ගාණට හාදුවක් තිබ්බා...

"මම ඔයාව දාලා යන්නෙ නැ සීන්"

"මම එහෙම හිතුවෙ නැ යිබෝ...මෙන්න කෝපි එක"

"ඔයා හිතුවෙ නෑ නෙමෙයි ඔයා එහෙම හිතුවා...ඒකනේ නිකමටවත් මාත් එක්කවත් ඩාන්ස් කරන්න අකමැති ඔයා ඩාන්සින් ක්ලාස් එකටත් ආවේ...ම්ම්ම්..."

"මට...මට බයයි යීබෝ...එකපාරකුත් මම ඔයාව මගෙන් ඈත් කරා යිබෝ...ආයම වතාවක් මට ඔයාව නැති වෙයි කියලා බයයි"

"මාව අවිශ්වාසද මගෙ පණ"

"නෑ නෑ යිබෝ නැ...ඒත් මට මට බයයිනෙ...මිනිස්සු වෙනස් වෙනවා හැඟීම් වෙනස් වෙ...

"මේ යිබෝගෙ හිතේ සීන් ගැන තියෙන හැඟීම් කවදාවත් කවුරු නිසාවත් වෙනස් වෙන්නෙ නෑ...

Turning Point Where stories live. Discover now