46 👬💚❤️

312 70 12
                                    

එයාගෙ මාස්ක් එකෙන් ඇඳලා ගත්තා...

එයාගෙ වගේම මගෙත් ඇස් ලොකු වෙනකොට එයා එක පාරටම මාව අත ඇරලා නැගිට්ටා...

"තමුන් බොරුවක්ද කරේ අයිසේ...මම කොච්චර බය වුනාද"

"ඔ ඔයා..ඔයා මගෙ චාන්ගා..."

====================================

"නෙමෙයි යකෝ නෙමෙයි...දැන් දැක්කනෙ...මොන කරුමයක්ද මේ...කී පාරක් කීවද ඔය කියවන එකෙක් නෙමෙයි කියලා මම...දැන්වත් අයින් වෙනවා මගෙ ලගින්..."

මාවත් තල්ලු කරලා කාමරෙන් එලියට යන එයා දිහා මම තාමත් බලන් හිටියේ ඇස් දෙක ලොකු කරගෙන...මේ වෙනකන් මම විශ්වාස කරේ ඒත් ඒ එයා නෙමෙයි...

"මම කවදා වෙනකන් මෙහෙම එක එක්කෙනාට ඔයා කියලා හිතලා රැවටෙන්නද චාන්ගා..."

මම ගැනම දැණුන අනුකම්පාවට මටම හිනා යනකොට මම ටී සට් එකත් විසි කරලා ඇඳේ වැතිරුණා...





Secret's pov

"ලෙක්චර්ස් ඉවර උන ගමන් කෙලීන්ම වාහනේට එන්න ඕන...කැන්ටින් ගානේ රස්තියාදු වීම් නැ කෙලින්ම වාහනේට...හරිද"

"හ්ම්"

"පරිස්සමෙන් ගිහින් එන්න...මම මෙතනම ඉන්නවා ඔයා එනකන්"

පුංචි බිත්තරේට වාහනේ දොර ඇරලා දෙන ගමන් උපදෙස් ටිකක් දුන්න මම එයා යනකන්ම ගේට් එක ලග ඉදන් බලාගෙන හිටියා...ඊයේ රෑ එයා මගෙ මූණ දැක්කයින් පස්සෙ දැන් වෙනකන් මගේ මූණ දිහා බැලුවේ නැ...එයාට තරහා ඇති...එයා හිතපු කෙනා නොවුන එක ගැන...



"ආයිශ්...කාටද යකෝ මේ පාරේ යන්න ඉඩ මදි..."

ගේට් එක ඉස්සරහම ඉන්න බැරි නිසා යුනි එකත් පේන යුනි එකට ටිකක් ඉස්සරහා කැෆේ එක ලගින් වාහනේ පාර්ක් කරගෙන සනීපෙට නින්දක් දාගෙන හීනයක් බල බල හිටපු මම උඩ ගිහින් ඇහැරුණේ එක දිගටම ඇහුණ හෝන් සද්දේ නිසා...හෝන් එක උඩ නැගගෙන ඉන්නේ කවුද බලන්න වාහනෙන් බැහැපු මම දැක්කෙ...

"සන්ජින් බොස්...මම මේ බලන්න ආවේ කාටද පාරෙ යන්න ඉඩ මදි වෙලා තියෙන්නෙ කියලා...මේ අපෙ බොස් නේ"

"උබෙ මුර කෙරිල්ල නම් නියමයි...හීනෙන්ද යකෝ අර කොල්ලව මුර කරන්නේ"

Turning Point Onde histórias criam vida. Descubra agora