06 👬💚❤️

621 130 5
                                    

"මොකක්ද සීන් පුතා අපි යිබෝගෙ ප්‍රශ්නෙට කරන්නේ"

"මමත් ඒක ගැන තමා ඩොක්ටර් හියුන් හිතන්නේ...මෙයා කාගෙ කවුද කියලා හොයාගන්න නම් කවුරුහරි මෙයාව හොයාගෙන එනකන් ඉමු ඩොක්ටර්"

"ඒත් පුතා අපිට බෑනෙ එහෙම කෙනෙක් ආවත් එයාට යිබෝ ගැන කියන්න"

"ඔව් අන්කල් ඒත් අපිට පුලුවන්නෙ ඒ කෙන කෙනාගෙ details ගන්න...කවුරුහරි කෙනෙක් යීබෝව හොයාගෙන ආවොත් ඩොක්ටර් මුලින්ම මට කතා කරන්න"

"හරි පුතා...කෝ බලන්න ඔයාගෙ බෙල්ල...ඇඟිලි පාර විතරයි තියෙන්නේ...පුතා දැන් ගෙදර යන්න තැන්ක්‍යූ මම නිසා කරදර උනාට"

"එහෙම කියන්න එපා අන්කල් යීබෝ කියන්නෙ දැන් මගෙත් වගකීමක්නෙ...එහෙනම් මම යන්නම් අන්කල්"

හොස්පිට්ල් එකේ ඉදන් ගෙදර ආව මම මුලින්ම කරේ නාගත්ත එකා...ඇඟ තලලා වගේ රිදෙනවා...
"ආය යීබෝව බලන්න යනකොට නම් හෙල්මට් එකක්වත් දාගෙන යන්න ඕන නැත්තං මගේ මේ කේශ කලාපය ගලවගන්න තමා මට වෙන්නේ..."

📱
"හෙලෝ zhu කොල්ලෝ බිසීද බන්"

".................."

"නෑ නෑ අවුලක් නෑ බන්...මමාව මතක් උනා එයාව බලන්න යන්න හිතෙනවා"

"................."

"ඒක නෙමේ මට අලුත් පේශන් කෙනෙක් හම්බුනා ඒක ටිකක් අමුතු කේස් එකක් බන්"

"..............."

"අමුතුයි කියන්නෙ මෙහෙමයි බන්..............................................................................................................................................................................................අවසානෙට ඌ නැවතුනේ මගෙ බෙල්ල ගලවන්න ගිහින් 😤😤😤😤 නිදාගෙන ඉන්නකොට නම් අහිංසක පූස් පැටියෙක් වගෙ...ඇහැරුනාම නම් සිංහ පැටියෙක්"

"..................."

"හා හා උබව මීට් වෙලා ඉතුරු ටික කියන්නම්...එහෙනම් මම තිබ්බා"

අපාර්ට්මන්ට් එකේ ඉන්නෙ මම විතරයි කතා කරන්නවත් කෙනෙක් නැති නිසාම ඉන්න එකම යාලුවට හැමදේම කියපු මම ඇඳට පෙරලුනේ හොද නින්දක් දාන්න...

"ගුඩ්මෝනින් සීන් පුතා"

"ගුඩ්මෝනින් ඩොක්ටර් හියුන්...මම වෝඩ් රවුන්ඩ් ගිහින් එන්නම් අද ටිකක් පරක්කු උනා"

Turning Point Where stories live. Discover now