48 👬💚❤️

307 69 16
                                    

Congratulations යිබෝ"

එහා පැත්තෙන් ඇහුණ කටහඩ එක්ක පුදුමෙට ඇස් දෙක ලොකු වෙනකොට මම බැලුවේ සන්ජින් ගගා දිහා...එයා මගෙ දිහා බලලා ටිකක් එහාට ගියේ මට උත්තර දෙන්න ඕන නෑ කියන්න වගේ...

======================================

"ච් චාන්ගා ඔයා...ඔයා කොහෙද ඉන්නේ ඇයි ඇයි මාව දාලා ගියේ චාන්ගා ඇයි මට මෙහෙම... "

නෑ එතනින් එහාට මට කතා කරගන්න බැරි වුණා...මගෙ උගුර හිරවෙනවා වගේ දැනෙනකොට ඇස් වලින් උණුම උණු කඳුලු බිංදු කිහිපයක් එක දිගට කඩාගෙන වැටුණා...

"පරිස්සමෙන් ඉන්න යිබෝ...ඔයා ඔයාගෙ හීනෙට ලං වෙනවා..ඒ දේවල් සාර්ථක කරගන්න...පපාගෙන් පරිස්සම් වෙලා ඉන්න...මම නැතත් මගෙ කොල්ලෝ ඔයා එක්ක ඉන්නවා"

"මට...මට ඕන ඔයාව චාන්ගා...මගෙ ළඟට එන්නකො..මට මෙහෙම කරන්න එපා ප්ලීස් මට තවත් දරාගන්න බෑ...චාන්ගා ඔයා

"මගෙ සීන් ගගා...මට ඔයා නැතුව ගොඩක් පාලු හිතුණනේ...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්වාහ්"

"ච් චාන්ගා...කවුද ඒ...ඒ කෙල්ල ඒ කටහඩ කාගෙද චාන්ගා...හෙලෝ හෙලෝ...ඇයි කතා නැත්තේ සීන්...මට උත්තර දෙනවා"

බීප්..බීප්...බීප්...

එහා පැත්තෙන් ඇහුණ කටහඬට අමතරව චාන්ගාගෙ හිනාවත් මට ඇහුණා...ෆෝන් එක කට් වෙනකොට මම ආයම ඒ නම්බර් එකට ගන්න ගියත් ෆෝන් එක ඕෆ් කරලා...

"ගාගා...සන්ජින් ගගා ඒ එයාද ආ...ඒ කෙල්ල...ඔයා කිවා සීන් මට අයිති නෑ කියලා එතකොට එයාව අයිති ඒ කටහඩ අයිති කෙනාටද ආ...සන්ජින් මට උත්තර දිීපන් යකෝ මම පිස්සෙක් වෙයි...උඹලා ඔක්කොම ඇයි මටම මෙහෙම කරන්නේ...සැරෙන් සැරෙ හැම එකාම ඇවිත් ඇයි මාව රිද්දලා යන්නේ...උබලට මේ පිස්සව විහිලුවක් ද බන්"

"යිබෝ යිබෝවා ඕක නවත්තපන්"

මම සන්ජින්ගෙ කොලර් එකෙන් අල්ලගෙන බෙල්ල හිර කරගෙන කෑ ගහනකොට රොන් වගේම ශේන් දුවගෙන ඇවිත් මාව සන්ජින් ලඟින් ඈත් කරන්න හැදුවා...සන්ජින් ගල් ඉබ්බෙක් වගේ බලාගෙන ඉන්නකොට ඌවත් අත ඇරපු මම රොන්වත් තල්ලු කරලා,

"එපා මට...එකෙක්වත් එපා...මට මගෙ පාඩුවෙ ඉන්න දීපියවු යකෝ...තොපි ඔක්කොටම ඕන මම පිස්සෙක් වෙලා මැරිලා යනවා දකින්නනේ...හරි හරි මම මැරෙන්නම්...මේ පිස්සා...මේ යිබෝ විදවලාම මැරෙන්නම්...කොහොමත් මේ ගෙවුණු මාස ගානම මම හිටියේ හිතින් මැරිලා...පපුව ගැහෙන නිසා හුස්ම වැටුණා මිසක් මේ යිබෝ හිටියේ හිතින් මැරිලා...මම යන්නම්..
හැමෝගෙම සතුට වෙනුවෙන් මම යන්නම්"

Turning Point Where stories live. Discover now