"මට සමාවෙන්න යිබෝ අනේ මට බය හිතුනා...ඔයාව නැති වෙයි කියලා හිතුනා...ඒකයි මම එහෙම ගියේ"
"යකෝ බය හිතුනා කියලා දාලා ගිහින් හරියනවද...මොන මගුල හරි කරලා රැකගන්න බලන්න නේද ඕන...අනික කෝ අර උබ කිවුවා විශ්වාසෙ ආ...උබ මාව විශ්වාස කරානම් ගෑනු එකක් නෙමෙයි 1000ක් ආවත් උබ මාව දාලා යන්නෙ නැ සීන්"
==================================="උබට තිබුණා මගෙන් කෙලින්ම අහන්න...
යිබෝ ඔයාට වෙන්ඩි එක්ක තියෙන සම්බන්ධෙ මොකක්ද ඇහුවා නම් උබ හිතනවද මම උබට හංගයි කියලා"
"ඔයා කලින් කරෙත් මට හංගන එකනෙ යිබෝ"
"හැංගුවා යකෝ ඔව්...මොකද උබ හැසිරෙන්නෙ මෙහෙම කියලා දන්න නිස...ඒ වගේම ඒකිටත් මම පැහැදිලිව කිවුවා මට කෙනෙක් ඉන්නවා ඒ නිසා බොරුවට මැසේජ් කරන්න කෝල් කරන්න එපා කියලා...එදා ඕක කිවුවා නම් උබ හැසිරෙන්නෙත් මෙහෙමනෙ නේද"
සීන් ඇස් දෙකේ කදුලු පුරවගෙන ඉන්නකොට මම කාමරෙන් එලියට ආවා...
බැනලා වැඩක් නැ...උබට බැනලා වැඩක්ම නැ සීන්...
සෝෆා එකට වැටුන මම සෝෆා එකට ඔලුව හේත්තු කරගෙන මගෙ අත ඇස් දෙක උඩින් තියාගත්තා...
"සමාවෙන්න..."
විනාඩි දහයක් විතර ඒ විදියටම හිටපු මම ඇස් ඇරියේ මගෙ ලඟට ආව සීන් නිසා...
වාඩිවෙලා ඉන්න මගෙ ඉණ දෙපැත්තෙන් කකුල් දාලා මගෙ ඔඩොක්කුවෙන් වාඩිවුණ සීන් එයාගෙ අත් දෙක මගෙ බෙල්ල වටේ ඔතාගන එයාගෙ මූණ මගෙ බෙල්ල ලගින් තියාගෙන සමාව ඉල්ලනකොට දැනටම එයාගෙ කටහඬ බර වෙලා තියෙන විදියට එයා අඬලා කියලා තේරුණා...ඒ නිසාම ආය මොකුත් නොකියා එහෙමම ඉන්නකොට එයාම මගෙ අත් දෙක අරගෙන එයාගෙ ඉන වටේ එතුවා...
මටත් දුක හිතුන නිසා එයාගෙ මගෙ ඇඟට තව ටිකක් තුරුල් කරගෙන ඒ ඔලුවට සිපුමක් තියලා එයාගෙ පිට දිගේ අතගානකොට එයා මගෙ බෙල්ලට හාදුවක් තිබ්බා...
"සමාව දුන්නා නේද...ම්ම්"
"ඔව්...හැබැයි සීන් මතක තියාගන්න මම ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්...ඔයාටමයි මටයි කතා කරලා විසඳගන්න බැරි දේවල් නැ...ඒ නිසා ඕනම දෙයක් ඕනම වෙලාවක මගෙන් අහන්න...
YOU ARE READING
Turning Point
Fanfictionහිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚