"අපි මෙහෙන් යනවා"
"මෙහෙන් කිවුවේ...කොහෙද බොස් කොහෙද යන්නේ"
"අපි මෙහෙ ඉදලා තේරුමක් නෑ සීක්‍රට්...සීන් ඔයා හොස්පිට්ල් එක මේ ගැන දැනුවත් කරන්න...
අපි switzerland යනවා"
"මොකක්..ඔයා කොහොමද තනියම ඔහොම තීරණ ගත්තේ යිබෝ..."
"සොරි සීන් ඒත් ඔයාට කීවා නම් ඔයා අකමැති වෙයි කියලා හිතුවා...ප්ලීස් මාව තේරුම් ගන්න සීන්...මට ඕන මෙහෙම හිර වෙලා ජීවිතයක් නෙමෙයි...අපි මෙහෙන් යමු"
"ඔව් සීන් බොස්...හොඳම දේ මෙහෙන් යන එක...
දැනටම යිබෝ හැමදේම ලෑස්ති කරලා මම හිතන්නේ""ඔව් සීක්‍රට් අපිට අනිද්දා යන්න තියෙන්නේ"
මම කියන ඒවා අහගෙන හිටපු සීන් එතනින් නැගිටලා යනකොට මම ඒ පස්සෙන් යන්න හැදුවත් සීක්‍රට් මාව නවත්තගත්තා...
"ටිකක් තනියම ඉන්න දෙන්න යිබෝ...මේ හැමදේම එකවැර වෙන නිසා එයාට දරාගන්න කාලයක් ඕන ඇති"
"හ්ම්ම්"
"යන්න ඕන හැමදේම ලෑස්ති කරන්න"
"ඇඳුම් විතරයි නෙ තියෙන්නෙ...ඔයයි සෝහි මෙහෙ ඇවිත් ඉන්න...හෙට සීන් සන්ජින් හම්බවෙන්න යන්න ඕන කීවොත් එක්කන් යන්න"
"ඇයි ඔයා කොහෙද යන්නෙ"
"මම යනවා පපා හම්බවෙන්න"
ටික වෙලාවක් ඉදලා සීක්‍රට් යන්න යනකොට මම කාමරේට ආවේ සීන්ව බලන්න...ඇඳට වෙලා ලැප් එක අරගෙන මොනවද කර කර ඉන්න එයා ලගට ගිය මම එයාගෙ ඔලුව අතගානකොට එයා ලැප් එක පැත්තකින් තියලා මගෙ ඉණ වටේ අත යවලා මගෙ බඩට මූණ හේත්තු කරගත්තා...
"මම හොස්පිට්ල් එකට මේල් එකක් දැම්මා..."
"හ්ම්...හෙට මම පපා බලන්න යනවා"
"මාත් එන්නම්"
"කැමති නම් යමු...ඔයාට සන්ජින්ලව හම්බවෙන්න ඕන නැද්ද"
"ඕන...පපා බලලා එන ගමන් එහෙ යමු"
"හ්ම්...දැන් නිදාගන්න සීන්..."
එයාව ඇඳෙන් හාන්සි කරපු මම ලැප් එකත් පැත්තකින් තියලා එයා ලඟින්ම හාන්සි වුණේ අපෙ ජීවිත මොන වගේ වෙයිද කියලා හිතන ගමන්...
YOU ARE READING
Turning Point
Fan Fiktionහිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚
83 👬💚❤️
Start from the beginning