"සීන්...සීන්"

හවස තුන වගේ වෙනකොට ගෙදර ආව මම වටපිට බලලා සීන්ට කතා කරේ තාම ගෙදර ජනේලයක්වත් ඇරලා නැති නිසා...සීන් ගෙදර නැද්ද...

"සීන්...මොකද මේ"

ෆ්‍රිජ් එකෙන් වතුර බෝතලයකුත් ගත්ත මම සීන්ගෙ කාමරේට එබිල බලනකොට එයා බෙල්ල ලගටම එනකන් පොරවගෙන නිදි...

"සීන්..ඒයි නැගිටින්න මොකද මේ"

"බොබෝ...ඔයා ආවද"

"ඔයා වැඩට ගියෙ නැද්ද..."

"නැහැ අද මම...නිවාඩුවක් දැම්මා"

"ඇයි...ඔයාට අමාරුයිද"

සීන්ගෙ මූණෙන් මලානික පෙනුමක් තියෙනකොට බෙඩ් සයිඩ් කබඩ් එක උඩ තිබුණ වතුර වීදුරුව එයා අතට දුන්නා...

"තැන්ක්‍යූ..."

"කාලද ඉන්නේ "

"තාම නෑ"

"ඇයි ඒ ආ...දැන් හවස් වෙලානේ"

"දැන් මොනා හරි හදාගන්නම්"

යටිබඩට අත තියාගෙන නැගිටින්න හදපු සීන්ව හරහට ගත්ත මම කුස්සියට එක්කගෙන ඇවිල්ලා පුටුවකින් තියලා නූඩ්ලස් එකක් හදන්න ගත්තේ ඉක්මනට හදාගන්න වෙන දෙයක් නැති නිසා...ඒකටම බිත්තරයක් කඩලා දාලු මම සීන් ලගට ගිහින් දුන්නම එයා සද්ද නැතුව නූඩ්ලස් එකම කන්න ගත්තේ මගෙ දිහා බලන්නෙවත් නැතුව...කිරි එක්කුත් හදලා දිලා එයාගෙ ඉස්සරහින් වාඩිවුණ මම,

"අමාරුවක් තිබුණා නම් මට කතා කරන්න එපැයි සීන්...තමුසෙගෙත් හරියට ලොකුකමනේ...බඩගින්නෙ හිටියේ මුලු දවසම පිස්සෙක්ද තමුන්"

"උදේ අමාරුවක් තිබුණේ නැ යිබෝ මම painkillers  ගත්තා...ඒත් දවල් වෙනකොට තමා පොඩ්ඩක් අමාරු වූණේ...අනික මම ඔයාට කෝල්ස් ගත්තා ඔයාගේ ෆෝන් එක වැඩ කරේ නැ..."

හරිනේ අද උදේ ඕෆ් කරපු පාර මට ෆෝන් එක ඔන් කරන්න අමතක වුණානෙ...

"හ්ම්...දැන් කාමරේට යමු ටික වෙලාවක් නිදාගන්න..."

"යිබෝ"

"ම්"

"අර චිට් එක"

"මොන"

"අර උදේ ඔයා...මේ බෙඩ් සයිඩ් කබඩ් එක උඩ තියලා ගිහින් තිබුනේ"

Turning Point Donde viven las historias. Descúbrelo ahora