38 👬💚❤️

Zacznij od początku
                                    

මට හිතාගන්න බැරි ඉගෙනගන්න දේකටවත් මෙච්චර උනන්දු නොවෙන රොන් මේ වැඩේට මෙච්චර මහන්සි වෙන්නෙ ඇයි කියලා...නිකන් නම් වෙන්න බෑ...





"අද පැවැත්වූ අපගේ මෝස්තර නිරූපණ තරගයේ ජයග්‍රාහකයන් තෝරා පත්කර ගැනීමටයි අපි මේ සූදානම් වෙන්නේ...ඇත්තම කීවොත් ජයග්‍රාහකයන් තෝරාගෙන ඉවරයි...ඒ කවුද කියලා ප්‍රකාශ කරන්න තමා දැන් මම මේ ලෑස්ති වෙන්නේ..."

අද තරඟ කරපු අපි 50 දෙනා පෝලිමට ස්ටේජ් එකේ ඉන්නකොට මම හෙමීට බෙල්ල හරවලා අනික් අයගෙ මූණූ දිහා බැලුවා...
හැමෝගෙම මූණූ එක වගේ...ඒ කියන්නෙ එයාලටත් දැනෙන්නෙ මට වගේ බයක් කුතුහලයක් නොඉවසිල්ලක් වෙන්න ඇති...
ඔව් ඉතින් මොන කතා කීවත් හැමෝම තරඟෙකට සහභාගී වෙන්නේ දින්න බලාගෙනනේ...පැරදුනොත් දරාගන්න එක වෙනයි..ඒත් හැමෝගෙම බලාපොරොත්තුව දිනන එකනේ...අනික මේක singersලා dancers ලා වෙන්න බලන් ඉන්න අපෙ යුනි එකේ අයට එයාලගෙ හීනෙට යන්න ගොඩක් හොද අවස්ථාවක් කියලා ඕනම කෙනෙක් දන්නවා...ඉතින් දිනන එක තමා මගෙ වගේම අනික් අයගෙත් ආසාව...

වෙනස තියෙන්නෙ එයාලට මේ කම්පිටිශන් එක වින් කරන්න ඕන එයාලගෙ හීනෙට යන්න උනාට මට මේක වින් කරන්න ඕන මගෙ ආදරේ හොයාගන්න...

"අපගේ විශ්වවිද්‍යාලයෙන් ඉදිරිපත් වූ තරඟ කරුවන් 50 දෙනා අතුරින් දෙවනි වටයට යන්නේ තරඟකරුවන් 20 දෙනෙක් විතරයි...ඒ කියන්නේ ගෑණු ළමයි 10 දෙනෙකුත් පිරිමි ළමයි 10 දෙනෙකුත් විදියට තමා ඊලග වටයට සිලෙක්ට් වෙන්නේ...ඔව් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා තරඟකරුවන් 30 දෙනෙක් ඉවත් වෙනවා..එහෙනම් මම තවත් මෙතන ඉන්න මගෙ සහෝදර සහෝදරියන්ව බය නොකර කියන්නම් කවුද වින් කරන්නෙ කියලා...
ගෑණු ලමයින්ගෙන් වින් කරන්නේ කවුද කියලා මම මුලින්ම කියන්නම්....

1 වන ස්ථානය හ්වාන් යුන්
2 වන ස්ථානය ශින් රුමෙයිලි
3 වන ස්ථානය........

හරිනෙ මෙතන පණ ගැහි ගැහී ඉන්නකොට මූ කෙල්ලොන්ගෙන් පටන් ගත්තනේ...ඇයි දෙයියනේ ලේඩිස් ෆස්ට් කිවට කොල්ලොන්ගෙන් පටන් ගන්න තිබ්බනේ...මුන්ගේ දුක් මූණවල් මට කලින්ම බයටම ඇඬෙයි වගේ...

Turning Point Opowieści tętniące życiem. Odkryj je teraz