29 පරිච්ඡේදය

Começar do início
                                    

ඒත් සමග ප්‍රධාන පාරට පිවිසෙන ස්ථානයේ ම දකුණු පස නවතා තිබූ සුදු පැහැති මෝටර් රථයත්, එහි වසා තිබූ දොරට හේත්තු වී ජංගම දුරකථනය අතේ තබාගෙන ඒ දෙස දෑස් යොමාගෙන සිටි රුවත් දුර තියාම ෂමිත්ගේ නෙත ගැටිණි. කලු පැහැයට හුරු තද රතු පැහැති වැලමිට තෙක් අත් නවන ලද ෂර්ටයක් හා කලු පැහැ කලිසමකින් සැරසී සිටි යේන්ව දුටු ෂමිත් ඔහුගේ සපත්තුවල අඩියෙන් පොළවට මුල් ඇදුනාක් මෙන් එලෙසම නැවතුනේ ය. එයින් ඔහුගේ යහලුවන් ද ඔහු දෙස හැරී බැලූහ.

'Shit! මට අමතක උනා class එක ඉස්සරහට එන්න එපා කියන්න. Fuck! Fuck! මුන් ටික දැක්කොත් මං ඉවරයි!'

ෂමිත් මොහොතක් කල්පනා කළේ ය.

"මොකද බං?"

ඔහුගේ කන ළඟින් ම ඔහුගේ මිතුරෙකුගේ හඬ ඇසිණි. ෂමිත් ඒ ක්ෂණිකව කළ යුතු දේ තීරණය කර ගත්තේ ය.

"මොනව හරි දාලා ආවද උඹ?"

"නෑ නෑ. මං හිතුවෙත් මට මොකක් හරි අමතක උනා කියලා. මුකුත් අමතක උන් නෑ. යං."

කියමින් ෂමිත් ඉස්සර විය. ඔහු දන්නා සියලුම කුණුහරුප සිතින් මෙනෙහි කරමින් යේන්ගේ වාහනය නවතා ඇති දෙසට පිය නගන්නට විය. ඒත් සමගම ඔවුන් පිටුපසින් පැමිණි එක් කෙල්ලෙකු මහ හඬින් හුස්මක් ඉහළට ඇද ගත්තෙන් ඉදිරියෙන් ගමන් කරමින් සිටි කොල්ලන් සියල්ලෝම නැවතී ඇය දෙස හැරී බැලුවේ කලබලයෙනි.

"මොකද යකෝ?!"

එක් කොල්ලෙකු ඇසුවේ තම අතින් කට ද වසාගෙන ඉදිරිය බලාගෙන සිටි කෙල්ල දෙස බලමිනි.

"Oh my god!"

ඇය කීවේ රහසින් ය. සියල්ලන් ම ඇය දෙස ව්‍යාකූලව බලා සිටි අතර ඇයගේ මෙම හැසිරීමට ඇගේ යෙහෙළිය ද එක් වූවා ය.

"ඕයි, උඹ අඳුර ගත්තද අර car එක ගාව ඉන්න ඩයල් එක?!"

අනිත් කෙල්ල කීවේ අතින් කට වසාගෙන සිටි කෙල්ලගේ අතින් ද අල්ලා සොලවමිනි.

"ඔව් බන් ඔව්!"

'Fuck!!'

ෂමිත් හැඟීම් විරහිත මුහුණක් මවා ගනිමින් සිතුවේ ඔවුන් යේන්ව දැනටම හඳුනා ගෙන ඇති බව තේරුම් ගනිමිනි. නමුත් මෙය වටහා ගත නොහැකි වූ කොල්ලන් කිහිපදෙනා හැරී බැලුවේ ඔවුන් පවසන්නේ කා ගැනදැයි දැන ගැනීමට ය.

The Deathtrap Onde histórias criam vida. Descubra agora