🍂 42 Chapter 🍂

494 76 50
                                    


You're the one my love, you

You're the one my love,you

You're my delight of all

You are forever

you are my love


.........................................................................

🐰 චිමීට සිහිය ඇවිදින් දවස් දෙකකට පස්සෙ එයාගෙ ටිකට් කැපුවේ කරන්න තිබුනු ඔක්කොම පරීක්ෂා කරාට පස්සෙ.  එයා නීරොගි.. පොඩි පොඩි ලෙඩ ටිකක් තියනවා. ඒත් එව්වා බෙහෙත්වලින් හෙමින් හොද කර ගන්න පුලුවන් මට්ටමක තිබුනා.

අපි ගෙදර එනකොට අනිත් හැමෝම ඇවිදින් මුළු ගේම සරසලා තිබුනා වගේම ඒ ගොල්ලො හරිම සතුටෙන් චිමීවයි අපේ පැටියාවයි පිළිගත්තේ.

තප්පරෙන් තප්පරේ, දවසින් දවස, සතියෙන් සතිය හරිම වේගෙන් ගෙවෙන්න ගත්තේ අපිව අපේම ලෝකයක හිර කරන ගමන්. ඒ ලෝකේ ඇතුලේ අපි හැමෝම හරිම පරිස්සමෙන් ආදරෙන් හිටියා. ඇවිදින් ටික කාලයක් යනකන් චිමීට ඇවිදින එක එක පාරට කරන්න හම්බ උනෙ නැත්තෙ එයා ගොඩක් කාලෙකින් ඇවිද්දෙ නැති නිසායි. ඒත් එයාට එක්සයිස් කරවන එකයි. දවසට ටිකක් හරි ඇවිද්දන එකයි මගේ රාජකාරිය උනත් මට ඕනි උනේම එයාව මහන්සි නොකර මගේ අත් අතරෙම අරන් යන්න. මොකද මන් ඒකට ආසා උනා.

මාසයක් වගේ යනකොට එයාට හොද උනා ගොඩක්.. බෙහෙත් කෙරුනු නිසා ගැස්ටික් වගේම එයාගෙ අනිත් ලෙඩෙත් ඉබේම ගොඩක් දුරට හොද වෙලා තිබුනා. තාමත් ඉදහිට බඩ දන එක, වගේම අමතක වෙන එක වගේ දේවල් එයාට තිබුනා වුනත්  ඒකත් ටික කාලයක් යනකොට වගේ ඇරිලා යයි කීවා. එතකොට කොන්දෙ අමාරුව හොද වෙලා තිබුනා. එයා ප්‍රෙග්නන්ට් කාලෙ පුරාවටටම හීට් පැක් තිබ්බ නිසා ඒක හරි ගිහින් තිබ්බා වගේම දැන්  සාමාන්‍යයෙන් ගෙදර දොරේ වැඩ කර ගන්න පුලුවන්කම තිබුනා.

අපි අපේ බබාව බලා ගන්න නැනී කෙනෙක් ගත්තේ නැතිව එයාගෙ වැඩ ඔක්කොම අපි දෙන්නාගෙ අතින්ම කරන්න ගත්තා. මෙ ගේ ඇතුලේ අපි පවුලක සෙනෙහස, ආදරය, එකමුතුව, නිදහස විදින්න පටන් අරන් තිබුනා. අපි දෙන්නාගේ වැඩේම දවසම අපේ බබීගේ වැඩ කරන එක. ඒක අපි දෙන්නාටම සතුටක් වුනා. එයත් චිමී වගේමයි. කරදරයක් තිබුනෙම නෑ අනිත් බබාලා වගෙ.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now