🍂 32 Chapter 🍂

573 80 48
                                    

A birth ... and a rebirth .. yes when one is born again two more are born again .. those are mom and dad.  So .. let's create a new world for our new guest .. A very beautiful & safety world ......

................................................................

🐣 කුකී මාව දාලා යන්න ගියා.. මන් උඩ තිබුන සිවිලිම දිහා බලාන හිටියා. මට කිසිම දෙයක් දැනුනෙ නෑ.. හරිම හිස් ගතියක් දැනෙන්න ගත්තා. වටේ පිටේ එළිය වැඩී, මගෙ ඇස්වලට අමාරුයි. ඒ වගේම ඇගට හරිම මහන්සී.ඔහේ බලාන ඉන්නකොට දොර ඇරෙන සද්දයක් ආවත් මන් ඒ දිහ නොබලා හිටියෙ මට එහෙමවත් උවමනාවක් දැනුනෙ නැති නිසා.

🐰 මන් ආයෙම චිමී හිටිය රූම් එකට එනකොට එයා සිවිලිම දිහා බලාන ඉන්නවා. ඒ ඇස්...........😔💔 ඉස්සර වගේ නෙමේ කිසිම ප්‍රානයක් නෑ. බලාගත් අත බලන් ඉන්නවා. එයාව එහෙම දකිනකොට මට දැනෙන්නෙම මගෙ පපුවට පිහියකින් අනිනවා වගෙ. මේ හැමදේම මගෙ වැරදි.. 😔

මන් එයා ලගටම ගිහින් ඇදේ කොනකින් වාඩි වෙලා මන් මුද්ද දාලා තිබුන එයාගෙ කැනියුලා ගහලා තිබ්බ අත අරන් ඒ අත දෝතින්ම අල්ලාගෙන කතා කරා.
එතකොට එයා මන් දිහා බැලුවා.

🐰 චිමී ....... මැණික මට සමාවෙන්න අනේ. මන් දන්නවා මන් වැරදී. මන් ඔයාට උන පොරොන්දුව කැඩුවා . මන් දන්නවා සමාව ඉල්ලුවාට දැන් පරක්කු වැඩී කියල. ඒත් මන් ආයෙම ආයෙම සමාව ඉල්ලනවා මගෙ මැණික.
ප්ලීස් ශක්තිමත් වෙන්න අපෙ බබා වෙනුවෙන් වගේම මන් වෙනුවෙන්. මාව දාලා යන්න හිතන්නවත් එපා. ප්ලීස් .. මන් මැරෙයි ඔයා මාව දාලා ගියොත්. දන්නවද මන් අසරන උනා චිමී. ටිකක් නෙමේ ගොඩාරියක්. මට ඕනි උනෙ නෑ ඔයාට එහෙම කරන්න. එ ඒත් ඒක එහෙමම උනා.

( cry  )

මන් ආයෙ කවදාවත්ම ඔයාට දුකක් දැනෙන්න දෙන්නෙ නෑ. ප්ලීස් මගෙන් ඈත් වෙන්න හිතන්නවත් එපා. මේ බලන්න අපේ බබා හොදින් චිමී. ඔයා කොහොමද හිතුවෙ මන් අපෙ බබාව පිළිගන්නෙ නැති වෙයි කියලා ආහ්? ඇයි ඔයා මට කලින් මේ විස්තර කීවෙ නැත්තෙ?

🐣 කුකී මගෙ අත අල්ලන් කතා කරන්න ගත්තම මන් එයා දිහා බලන් හිටියා. එයා ආයෙම මගෙ අතට ඒ මුද්ද දාලා.. ඒ කියන්නෙ එයා මාව ඩිවෝස් කරන්නෙ නැද්ද? ඔය සමාව ඉල්ලන් ඕනි නෑ කුකී. මමයි වැරදි.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now