🍂 19 Chapter 🍂

291 75 10
                                    

I like the dazzling sunlight, your smile spreads
My heart is rushing, I laugh like a fool

I only love you
My heart wants you, you who is like destiny
I love you
........................................................................

🐣 අපි ආපහු ඇවිත් දැනට දවස් තුනක් වෙනවා. අපි ආවෙ කුකීලගෙ ගෙදරට. මම ආසාවෙන් හිටියා කුකීලගෙ අම්මත් එක්ක එකට ඉන්න. ඒත් ඔම්මා යාලුවෙක් එක්ක රට ගිහින් අපි එනකොට. මට ඕනි එයාට සමීප වෙන්න. කුකී වගේම හොද ඇති ඔම්මත්. මෙතෙක් කල් මට ඔම්මා කෙනෙක් හිටියෙ නෑ. ඉතින් මට ඕනි කුකීගෙ ඔම්මා මගෙත් ඔම්මා කරගන්න.

ටේ ටේ හියුන් නම් ඉන්නවා. එයා වැඩි පුරම ඉන්නෙ ඉතින් කැම්පස් එකේනෙ. ගොඩක් රෑ වෙලා එන්නෙ. ඒත් මේ දවස් තුනටම මන් එයාව දැක්කෙ එක දවසයි.

කුකී මාත් එක්ක හිටියා දවසම ඒත් සමහර වෙලාවට එයත් ඔෆිස් එකෙට ගිහින් එන්න යනවා. කොහොමත් එයා තව ටික දවසකින් ආයෙම ඔෆිස් යන්න ඕනි. එතකොට මන් තනියම. මට කරන්න  දේකුත් නැ. මන් නිකන් ඉන්න නිසා කුකීගෙ ලයිබ්‍ර්‍රි එකෙන් පොත් අරන් කියවනවා. ඒක සහනයක්. මෙහෙ වැඩට ඉන්න අයත් මාත් එක්ක කතා නෑ ඕනි දේකට ඇරුනම. සමහරවිට මන් මෙහෙට අලුත් හින්දා වෙන්න ඇති . ඒත් මට මහ අමුත්තක් දැනෙනවා.

ආහ් අද කුකීගෙ යාලුවෝ එනවා කීවා. එදා වෙඩින් එකට ආව හියුන්ලයි තව එන්න බැරි වුන හියුන්ලා දෙන්නෙකුයි එනවා කීවා. මේඩ්ලා කෑම හදනවා. මටත් ආසයි එක දවසක්වත් මගෙ අතින් කුකීට කෑම ටිකක් හදල දෙන්න. මට රසට උයන්න පුළුවන්නෙ . ඒත් මේඩ්ලා මන් කුස්සියට යනට තියා ඒ අහලින් යනවටවත් කැමති නෑ වගෙ මට දැනෙනව.😔කමක් නෑ කුකී ඉන්න වෙලාවක එයත් එක්කම ඉදන් උයන්න ඕනි..☺️

අපි දෙන්නම ඉන්නෙ කුකිගෙ රූම් එකේ  ඒක ගොඩාරියක් ලොකුයි. තව ලොකු ජනේලයක් තියනව. එතන නම් හරිම නිදහස්. මන් එතන තමා දවසම ඉන්නෙ.

🐣 දැන් හවස් වෙන්නත් ලගයි. කුකී තාම නෑ. ඩයරිය වහලා මන් ඇදට ගියෙ ඇගට තෙහෙට්ටුවක් දැනුන හින්දා.. මේ ටිකේම මට හරියට මහන්සී. හිතට හරිත් නෑ මෙහෙ ආව දවසෙ ඉදන්. ලාවට දැනුන නිදිමතත් එක්ක හෙමින් හෙමින් ඇස් දෙක බර උනා.

🐰 මන් පුලුවන් තරම් ඉක්මනට ගෙදර ආවෙ චිමී තනියම නිසා. මේ දවස් තුනේම ඔෆිස් යන්න උනේ ගිය සති දෙකේ මට වැඩ ගොඩක් මිස් වෙලා තිබ්බ නිසා. අත්‍යාවශ්‍යම වැඩ ටික විතරක් කරලා මන් එනවා..
අද යුන්ගිලා එන නිසා මේඩ්ලා වැඩ. කෑම හදනවා.
චිමී කාමරේ ඇති. ඒ හින්දා මන් ඉක්මනටම අපි දෙන්නගෙ කාමරේට ගියා. කාමරේට ගියාම දැක්කෙ චිමී චූටි ළමයෙක් වගේ ඇදේ ගුලිවෙලා නිදන් ඉන්නවා.. ටයි එකත් ගලවලා ෂර්ට් එකේ බොත්තම් දෙකකුත් ගලවගෙන මන් චිමී ගාවට ගිහින් ඇදේ පැත්තකින් ඉද ගත්තා.
හොදටම නිදි. එයාගෙ පිරිනු කම්මුල් තව පිම්බිලා තිබුනා.. මන් හොදට ලන් වෙල චිමී දිහා බැලුවා. ඒත් එයා සුදුමැලි වෙලා වගෙ. වෙනදට රෝසපාට තොල් අද නිකන් සුදු පාටට හුරු වෙලා තිබුනා. අසනීපයක්වත්ද? මන් හෙමින් චිමීගෙ ඔලුව අතගාන්න පටන් ගත්තා.
එයාට දැනිලද කොහෙදෝ ඇස් ඇරලා මන් දිහා හිනා වෙලා බලන් ඉන්නවා.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now