🍂 24 Chapter 🍂

407 74 24
                                    

Do you know?  It's very painful.  I do not know how ridiculous destiny is.  But now I'm laughing at myself ..... because I'm the most funny person I know in the world.

So I hate myself ..

..................................................................

🐰 දවසින් දවස හරිම ඉක්මනට ගෙවිලා ගියත් ඒ හැම දවසක්ම මට දැනුනෙ මන් අපායක ජීවත් වෙනවා වගෙ. චිමීට මෙහෙම කරන්න අපි කට්ටියමයි කතා උනෙ හරියටම මාසයක්. එයා කරා වගේම එයාටත් මාසයක්.. ඒත් ඒක එහෙම කරන්න උනේ නෑ. මොකද චිමීට අඩුම ඇදෙන්වත් නැගිට ගන්න බැරි උනා. හිටියෙත් සිහියත් අසිහියත් අතර වගේ. එච්චරම දුර්වල වෙන්න හේතුවක් හිතා ගන්න බැරි උනත් ඒ නිසා එයාට ආයෙ කරදර කරන්නවත් වද දෙන්නවත් ගියේ නෑ. ටේට නම් ඕනි උනා කොහොම හරි මොනා හරි කරන්න. ඒත්  චිමීට බැරි උනා අඩුම අපි දිහා ඔලුව උස්සලාවත් බලන්න. ඒ හින්ද ටේ එයා ගාවට ගිහින් ආයෙම එනවා.මන් කාමරේ ලගටවත් ගියෙ නෑ. මොකද චිමී එහෙම ඉන්නවා බලන්න හැකියාවක් මට තව දුරටත් තිබ්බෙ නෑ. ඒ හැම වෙලේම මට හිතුනේ එයාව එහෙම දකිනවට වඩා මැරුනා නම් හොදයි කියලා. එයාට උදේටයි රෑටයි කෑම දුන්නා. රැට හැමදාම දුන්නෙ සුප් එකක්. ඒත් මන් කියලා. ටේ නම් ටිකක්වත් කැමති උනේ නෑ. ඒඅගේම චිමීට මොනා හරි ටේට නොකර ඉන්නම බැරි තැන ඒ සුප් එක හුගක් සැරට හැදෙව්වා.. මන් මුකුත් කියන්න ගියෙ නැහැ මොකද මට ඒකට අයිතියක් නැ.

ඒත් මන් දන්නවා චිමීට ඒක බීවොත් අනිවාර්යෙන්ම මැරෙන්න තරම් අමාරු වෙනවා කියන්න. එයාට ඒ සුප් අරන් ගියපු දවසෙ නැතිව දෙවෙනි දවසෙ මන් චිමීගෙ කාමරේ බලාන හිටියා. ඒත් මන් දැකපු දේ හින්දා මට එතනම ඇඩුනා.
එ ඒ චිමී අර සැරට උනුවෙන් හදලා අරන් ගියපු සුප් එකට එහෙම්මම ඇල්වතුර ටිකක් දාන් හෙමින් හෙමින් බොනවා. එයාගෙ මූනෙ කිසිම වෙනසක් පේන්න තිබ්බේනැ. චූටිම චූටි අප්පිරියාවක්වත්. ඔක්කොම ටික බීලා දැම්මා. එයා හැමදාම එහෙම කරා.

🐣 දවස් ඔහේ ගෙවෙන්න ඇති. ඒත් මන් මේ කාමරේට ආවත් හරි එළිවෙනවා වත් රෑ වෙනවාවත් දැක්කෙ නෑ. දැන් ගොඩාක් සීතලයි. දෙසැම්බර් උදා වෙලා ඇති. මේ කාමරේ ඒ තරම් උනුසුම් නැති නිසා ඇදුම් කීපයක්ම ඇදන් ඇදටම වෙලා හිටියා. ඇරත් මට නැගිට ගන්න වත් පන තිබ්බෙත් නෑ. කුකී මන් බලන්න ආවේවත් නෑ අඩුම මට කරදරයක් කරන්නවත්. එයාව දකින්නේ නැතිව මට පාලුයි. මට දවසට දෙපාරක් කෑම හම්බ වුනා. ඒත් රෑට හම්බුන සුප් එක ගොඩක් සැරයි. මට උදේට කෑවම ආයෙ බඩගිනි නාවත් මගෙ බබා වෙනුවෙන් මන් කන්න ඕනිනෙ. මන් සුප් එකට ඇල්ම ඇල් වතුර දාගෙන බීවා.එතකොට සැර අඩුයිනෙ . ඒක අප්පිරියයි. ඒත් මට මගෙ බබා රැක ගන්න ඕනි. එයාට බඩගිනීනෙ. මන් බඩ පුරවා ගන්න ඕනි බබාගෙ බඩ පිරෙන්න. චුට්ටම චුට්ටක්වත් ඉතිරි නොකර හම්බෙන හැමදේම මන් කෑවා. 

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now