🍂 18 Chapter 🍂

315 76 10
                                    

"Sometimes all you need is a hug from the right person and all your stress will melt away." It's You My love......

.........................................................................

🐣 නිදන් ඉන්නකොට එක පාරටම ඇහැරුනේ බඩ පපුව දන්න පටන් ගත්ත හින්දා. අමාරුව කොච්චරද කියනව නම් ඔලුවත් හොදටම රිදෙන්න ගත්තා. මගෙ ඉන වටේ තිබ්බ කුකීගෙ අත් දෙක ඈත් කරලා හෙමින් නැගිටලා වොශ් රූම් එකට ගියේ මට වොමිට් වෙන්න වගේ ආව හින්දා.
මට එක දිගටම් වොමිට් උනා. දැන් ගොඩක් වෙලා මන් වොශ් රූම් එකට ඇවිත්. මට හිටගෙනවත් නැමීගෙන වත් ඉන්න එක තව දුරටත් අමාරු හින්දා එහෙමම බිම ඉන්ද උනා. දැන් නම් මට පන නෑ. කාපු බීපු ඔක්කොම ගිහින් යන්න දෙයක් නැති තැන ලේත් යන්න ගත්තා.

අද නම් හොදටම වැඩි වෙලා. මට කාලෙකින් මෙහෙම වෙලාම නෑ. දරා ගන්න හොදටම අමරුයි . මට හයියෙන් අඩන්න ඕනි. ඒත් ඒකටත් පන නෑ..

🐰 මට ලාවට වගේ ඇහැරෙනකොට හිස් ගතියක් දැනුන නිසා මන් චිමී ඉන්නවද කියල බැලුවා. එයා නෑ. එතකොටම වගේ වොශ් රූම් එක පැත්තෙන් සද්දයක් ඇහුන නිසා මට හිතුනා එයා ඒකේ ඇති කියලා. චීමී එනකන් ඇහැරන් ඇදේ ටික වෙලාවක් ඉදන් හිටියත් එයා ආවෙ නැති නිසා මන් නැගිටලා වොශ් රූම් එක ලගට ගිහින් චිමීට කතා කරා. එත් එයා කතා කරේ නැති නිසා මන් බයට දොර ඇරන් ඇතුලට ගියා.
දොරත් ඇරන් ඇතුලට ගියපු මම එහෙමම නතර උනේ චිමී හිටපු විදිහ දැකලා.
එයා කොමඩ් එක ගාව බිම හිටියෙ එතකොට ඇස් , තොල් හොදටම ඉදිමිලා ,වගේම සුදුමැලි වෙලා තිබුනා, කම්මුල් පවා සුදුමැලි වෙලා. බාගෙට පන ගිහින් වගේ හිටියෙ. මන් ඉක්මනට ගිහින් චිමීව මගෙ අත් දෙක අතරට මැදි කර ගත්තා.

🐰 චිමී අනේ අයි මේ?

🐣 හ් හ් කු කු කි ඊ.. 🥺

🐰 අනේ බබා ඇයි මේ කියන්නකො ආහ්? කෝ එන්න යන්න .

මන් චිමීව වඩා ගන්න හදනවත් එක්කම ච්මී ඉක්මනට ඈත් වෙලා කොමඩ් එකට මූන ඔබන් වොමිට් කරන්න ගත්තා. මගෙ ඇස් දෙක උඩ ගියෙ ඒත් එක්ක ලේත් යනව දැක්ක නිසා. එයාට පහසු වෙන්න මන් හෙමින් කොන්ද අත ගාන්න ගත්තා.
ආයෙම මට වාරු උන චිමීගෙ ඇස් දිගේ කදුළු එක දිගට රූටලා එන්න ගත්තා.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now