🍂 4th Chapter 🍂

354 103 25
                                    


සුපුරුදු පරිදි කාලෙ ඉක්මනට ගෙවිල යනවා. තව දවස් දෙකයි ග්‍රැජුවේශන් එකට.
හ්ම්.. මන් පාර දිගේ ඔහේ ඇවිදන් ආව.. අද හරිම සනීපයි. පාර දෙපැත්තෙ ගස්වල මල් පිපිලා හරිම ලස්සනයි ..පෙති ගොඩක් හැලිල තියනවා පාර දිගේ. මන් උඩ පැන පැන තනියම හිනා වෙවි ගෙදරට ආවේ..

එනකොටම මන් දැක්ක කාර් එක ඉස්සරහා නවත්තල තියනවා.
ඒ මගෙ අම්මගෙ කාර් එක. එක මිනිකූපර් එකක්. මන් ආසම මගෙ වස්තුව. අම්මගෙන් කියල මට ඉතිරි වුන එකම දේ. පරන උනත් ඒක ගොඩාක් වටිනවා මට.. මන් ඒක කුඩම්මගෙන් ඉල්ල ගත්තෙ හරිම අමාරුවෙන් දන්න වැදුම් ඔක්කොම දාල අරන් ඒක රෙපෙයාර් කරේ මගෙ අත් දෙකෙන්මයි. දැන් ඒක හරිම ලස්සනයි .

ඒත් මට ඒක පදින්න තිබ්බෙ අවුරුද්දටම එකපාරයි. මන් ඒකෙන් මගෙ හැම උපන්දිනේටම බූසාන් යන්නෙ ඔම්මයි අප්පයි බලලා එන්න. ඒකත් බොඩිගාඩ් කෙනෙක් එක්ක... 😔
මේ පාර මන් කලින් ගියා ඔම්මයි අප්පයි බලලා එන්න. මට කරන්න ලොකු දෙයක් තිබුනා.
කොහොම උනත් මට දැන් කාර් එක දකිනකොට වේදනාවක් දැනෙනවා. අර ජරා මනුස්සයා.. කුඩම්මගෙයි පාර්ක් ජීවුන්ගෙයි පුතා. එය මට වඩා වැඩිමල් . ඌ මේකෙ ගිහින් ලොකු විනාසයක් කරා.. එ හැමදේම මන් නිසා. මට ඒ දේ දරා ගන්න අමාරුයි..
ඉතින් දැන් මට කාර් එක දකිනකොට දුකයි.. මට සමාවෙන්න අම්මෙ.. අම්මගෙ පුතාට කාර් එකවත් ආරක්ෂා කර ගන්න බැ..😔

ඒක එහෙම්ම තියෙද්දි මන් මගෙ කාමරේට ගියා.. ටිකක් ඉන්න මට ඇහුනා කුඩම්ම කතා කරනවා. මන් ඉක්මනටම සාලෙට ගියේ ටිකක් හරි පරක්කු උනොත් මට ඉන්න වෙන්නැ කියල දන්න නිසා.

🐣මට කතා කරාද මිසිසි සේරි?

🐮හ්ම්.. ඔව් ජිමින්..මෙක හොදට අහ ගන්නවා. හෙට තමුන්ට 18 ලබනවනෙ. එතකොට හෙට ඉදන් මේ දේපල තමුන්ට අයිති වෙනවා. හෙට අපේ ලෝයර්ල්ස්ලා ආවම තමුගෙ නමට හැරවෙන දේපල ඔකෝම මගෙ නමට ලියන්න ඕනි තේරුනාද? මන් කලිනුත් කියල තියනවනෙ. නැත්තන් මන් තමන්ට හිතා ගන්නවත් බැරි වැඩක් කරනවා.

🐣 හරි මැඩම් මට තේරුනා..මන් යන්නද එහෙනම්

🐮 නැ ඔහොම ඉන්නවා මේකත් අහගෙනම යනවා.. තව දවස් 4න් තමුන්ගෙ වෙඩින්ග් එක. ඒකටත් ලෑස්ති වෙනවා

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now