🍂 37 Chapter 🍂

505 80 52
                                    


I cherish every moment I spend with you. Where to tell and where to finish? The love you have, affection? My love .... I will always love you.

........................................................................

🐰 දැන් චිමීට, අපේ බබාට මාස 8යි.. අපි ඊයේ එයාව ආයෙම ස්කෑන් කරා.. අනේ එයා පුතු පැටියෙක්.. මට ගොඩාක් සතුටුයි.. එත් ඒ සතුටත් එක්කම දුකක් දැනෙන්න වැඩි වෙලා ගියේ නෑ. අපේ අනිත් බබාත් හිටියා නම්. එහෙනම් ඒ දෙන්නත් ටේයි ටේහියි වගේ ඉදීවි. චිමී තාමත් දන්නෙ නෑ එයාට හම්බ වෙන්න හිටියෙ ටුවින්ස්ලා කියලා. ඒක එයාට කීවෙත් නැත්තේ එයාගෙ මේ තත්වෙත් එක්ක ඒක එයාට දරා ගන්න පුලුවන් වෙයිද කියලා හරියටම දන්නෙ නැති නිසා.. 😔
මේ හැමදේම මගේ වැරැද්ද නිසා ..............

දැන් චීමීගෙ බර ,සෞඛ්‍ය තත්වෙ ගොඩක් දුරට හොදයි.. බර වැඩි වෙලා තිබුනා වගේම මගේ මැණිකගේ පෙනුම කලින් තත්වෙට ඇවිදින් තිබුනා. තවමත් ඇස් යට ටිකක් විතර වල ගැහිලා තිබුනා. එයා දැන් තරමක් සැහැල්ලු මනසකින් ඉන්නවා. මන් දවසම කරන්නෙ ච්මී එක්ක ඉන්න එක,එයාට කෑම හදන එක, කවන පොවන එක මන් ආසාවෙන් කරා. ගිය මාසෙ එයාට ටිකක් ඇවිදින්න පුලුවන්කම තිබුනත් දැන් ආයෙම බැරි උනෙ අපේ බබා දැන් ටිකක් ලොකුනිසා. එයාට අපේ බබාව දරාගන්න තරම් ශක්තිමත් ඇගක් තිබුනේ නෑ. ඉතින් මන් එයාව උස්සන් එහාට යනවා මෙහාට යනවා.. මන් ආසයි ඒකට.. මගේ අත් දෙකට එයා බරක් නෙමේ.

මාස හත හමාරක් වෙනකොට අපේ බබා පයින් ගහන්න පටන්ගත්තා..මට තාම මතකයි එයා ඉස්සෙල්ලාම පයින් ගහනකොට චිමීගේ මූනේ හැගීම්.. මාත් ගැහෙන හදවතින් ඒ කුස උඩින් අත තිබ්බාම එයාගෙ ඒ ස්පර්ශයන් හොදින්ම මට දැනුන.. අපි දෙන්නම ඇඩුවා එකට.. ගොඩක් වෙල ඇඩුවා. මොන දෙමාපියන්ටද ඒ වගේ වෙලාවක සතුටු නැත්තේ? ඉතින් එදායින් පස්සෙ දිගටම මන් ඒ කුසට අත තිය තියා අපේ බබාගෙන් ස්පර්ශයක් ලැබෙනකන් එක එක කතා කීවා, සිංදු කීවා, මුලු කුස පුරාම චූටි චූටි හාදු තිබ්බා.. ඉතින් මගෙ මැණික ච්මී දිගටම හිනා වෙන්න පටන් ගත්තා. ආයෙමත් ඉස්සර වගේ...

මේ කාලෙ පුරාවටම එයා මගෙන් කන්න උනත් ඉල්ලුවේ දේවල් දෙකයි.. අයිස්ක්‍රීම් , චොකලට් .. මොන අයිස්ක්‍රීම් ද කියලා ඇහුවොත් චොකලට් අයිස් ක්‍රීම්.. වෙන අය මෙහෙම නෑනෙ ප්‍රෙග්නන්ට් කාලෙට.. මගෙ මැනික එ දේවල් ඉල්ලුවෙත් එක පාරයි. ඒත් මන් හැමදාම රස වගේම ගුන කෑම ජාති දුන්නා.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Tempat cerita menjadi hidup. Temukan sekarang