🍂 39 Chapter 🍂

503 76 38
                                    

With a tired heart, with tears
My song blossomed and once it reaches the sky
Slowly come to me as an eternal dream
As a star, by my side

..................................................................

🐣...ම්ම් ම් ම්

🐰 නින්දත් අඩ නින්දත් අතරේ හිටිය මට එක පාරටම ඇහුනේ හීන් සැරේ කෙදිරි ගාන හඩක්.. ආහ්.... ඒ චිමී.. මන් ඉක්මනම බැලුවේ මගෙ තුරුලට වෙලා නින්ද ඉන්න චිමී දිහා. නයිට් ලෑම්ප් එකෙන් ආව ආලෝකෙන් කාමරේ තිබුන අඩ අදුරු ගතියෙන් මට ලාවට පෙනුනා චිමීගෙ මූනට දාඩිය දාලා තියනවා. එයා හීනෙන්ම කෙදිරි ගානවා. මන් එයාට කීප සැරයක්ම කතා කරත් එයා ඇහැරුනේ නෑ. ඒත් මට බය හිතුන නිසා එයාගෙ උරහිසින් හොල්ලලා කතා කරා.

චිමී... චිමී... කෝ මැණික නැගිටින්නකෝ..

ඇයි මේ? ඔයාට අමාරුද?

චිමී....

🐣 ම්ම්ම්ම් ම්ම්. කුකී...

🐰 චිමී ඇයි මේ ආහ්? ඔයාට මොකක් හරි අමාරුවක්ද?

🐣 ම්.. කු කී මාව ටි කක් වොශ් රූ ම් එක්කන් යනවද?
මගේ කොන්දේ පල්ලෙහායින් දැනෙන්න ගත්ත හීන් වේදනාවත් එක්ක මට හිතුනේ වොශ් රූම් යන්න ඕනි කියලා. ඒක හරිම අමුතුයි.

🐰 ච්මී නිදිමර ගාතෙම එහෙම කීවත් එයාගෙ කටහඩේ පවා වෙනසක් මට දැනුනා. මොහොතක් වත් පමා නොවී මන් එයාව වොශ් රූම් එකට ගියා..

දැන් පන්දර 4යි වෙලාව...

එයා කොමඩ් එක උඩ ඉද ගත්ත වුනත් එයාට ඒකෙවත් ඉදන් ඉන්න බැරි වෙනකොට මන් එයා ගාවින්ම හිට ගෙන එයාගේ අත්වලින් අල්ලා ගන්නකොට එයා එයාගෙ අත් දෙකම මගේ බද වටා යවලා මාව තද කරලා අල්ලාගෙන මගේ බඩේ එයාගේ මූන තියා ගත්තා..

එයාට ටිකක් අමාරුයි වගේ. එයාගෙ අත් මගේ ඉන තදින්ම අල්ලා ගන්නකොට ඒ වෙනස මට හොදට තේරුනා. එ වගේම මට හිතුනෙම එයාට වොශ් රූම් එන්න තරම් අවශ්‍යතාවක් නෑ කියලා.

🐣 කුකී මාව කොමඩ් එක උඩින් තිබ්බත් මට ඒකෙවත් ඉන්න බැරි පන නැති ගතියක් දැනුනා. කොන්ද දිගේ ඉහලට කැක්කුමක් එන්න ගන්නවත් එක්කම මගේ යටි බඩත් රිදෙන්න ගත්තා. මන් හිතුවේ මට ලූස් මෝෂන් කියලා. නෑ මට එහෙම කිසිම අවශ්‍යතාවක් උනේ.. ටික වෙලාවක් හිටියත් මගේ කොන්දෙ අමාරුව වැඩි වෙනකොට මන් කුකීව තද කරලා අල්ලා ගත්තා.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now