🍂 21 Chapter 🍂

327 71 16
                                    

I wanted to tell you about my love, so I waited for that moment to come, but if I had known that moment would change our lives ........ I should have been quick for a moment .............

.........................................................................

 🐣 අද අපි දෙන්නා නම්සන් යනවා  . මන් ලෑස්ති වෙලා බලන් ඉන්නෙ කුකී  එනකන්. මන් නම් යනකන් හදිස්සියේ හිටියෙ. මේ මන් නම්සන් යන පලවෙනි පාර.

කුකී ආවට පස්සෙ අපි දෙන්නා ලෑස්ති වෙලා කාර් එකේ නම්සන් යන්න ගියා.. දැන් ගොඩක් සීතලයි. අද නොවැම්බර් 13නෙ දැන් සීත කාලෙ පටන් අරන්. අපි දෙන්නා ලොකු කොට් දෙකකුයි අයිස් කැපුයි දාගෙනම එළියට බැස්සෙ. එතනට යනකොට හවස 6 වෙලා තිබුනා.
අද කුකී වැඩිය කතා කරේ නැ. එයා මොකක් හරි ප්‍රශ්නෙක වගෙ. මාත් කරදර කරන්න ගියෙ නැත්තෙ එයාට කරදරයක් වෙයි කියලා හිතලා.

මට කලින් කාර් එකෙන් බැස්ස කුකී මගෙ පැත්තෙන් ඇවිත් දොර ඇරලා මට බහින්න දුන්නා. හිනා වෙලාම මගෙ කැප් එකත් හදලා අත් දෙකට ග්ලවුස් දෙකකුත් දාලා කාර් එක ලොක් කරලා මගේ වම් අත එයාගෙ දකුනතේ ඇගිලි අස්සෙ පටලන් මට පේක් එකකුත් දීලා එයාගේ කෝට් එකේ සාක්කුව අස්සට දාගත්තා. මන් කුකීට ලන් වෙලාම ඇවිදින්න ගත්තා. මේ මන් සීතකාලෙ පලවෙනි පාරට ඇවිදින්න යන්නෙ .  මට නම්සන් එන්න ලොකු අසාවක් තිබ්බා.. අන්තිමේට මන් ආවා ඒ මගෙ ආදරේ වගේම ආදරණීය හස්බන් එක්කම.

🐰 අපි දෙන්නා පාර්ක් එක දිගේ ඇවිදන් යන්න ගත්තා. අද හැම තැනම කපල් ගොඩයි. මගේ චිමී ගොඩක් සතුටෙන් යන්නෙ.. ඒ වගේම මාත්. මට අසාවක් තිබ්බා මන් ආදරේ කරන කෙනත් එක්ක ඇවිත් අනිත් අය කරනවා වගෙ ලව් ලොක් එකක් දාන්න.. අද මන් මගෙ ආදරේ මගේම කරගෙන එක්කන් ආවා මෙතනට.

🐣 දැන් රෑ වේගෙන එන නිසා හැම තැනම ලයිට්ස් දාලා.. නම්සන් උඩට යනකම්ම එළියයි. හරිම ලස්සනයි .

ගොඩක් ගස්වල කොළ හැලිලා ගිහිල්ලා. ගස්වල අතු විතරයි තියෙන්නෙ. ඒත් ඒකත් පරිසරයට අමුතුම ලස්සනක් එකතු කරලා තිබුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now