🍂 40 Chapter 🍂

Start from the beginning
                                    

🐯 ජිමින්ට සිහිය නැතුව දවසක් වෙනවා. ඒ වගේම අපේ අලුත් පුන්චි අමුත්තා ඉපදිලාත් දවසක් ගෙවුනා. ඒත් එයා ඉපදුනු සතුට අපිට විද ගන්න හම්බ උනේ නෑ. අපි ආසාවෙන් හිටියා එයාව ගෙදර එක්කන් යන්න.. ඒත් ඒ හැමදේම දැන් නැවතිලා.

එතකොට කුකී හියුන්.. එයා එක දවසට තනිකරම පිස්සෙක් වගේ උනා. ච්මී ගාව ඉන්න එයා ආයෙ විනාඩි පහකින් බබා ගාව. එයා ගාව ඉන්න හියුන් ආයෙ විනාඩි පහෙන් චිමී ගාව. පඩරැල වගේ සිහියක් නැතුව එහාට යනවා මෙහාට යනවා. අපි කතා කරත් සිහියක් තිබුනෙ නෑ. අඩුම කන්න, බොන්න කිසිම දෙයක සිහියක් නෑ.  මේ දවස පුරාවටම එයාගෙ ඇස්වලින් ගලන කදුළු නැවතුනේම නැ. එයා දිහා බලාන ඉන්න එකත් අපිට දරා ගන්න බැරි තරම් වේදනාවක් උනා.

එයා විදින දුක දරා ගන්න බැරිම තැන අපි හොස්පිටල් එකත් එක්ක කතා කරලා උපරිම උත්සාහයක් දරලා බබාව බේබි රූම් එකෙන් ජිමින්ගෙ රූම් එකටම මාරු කර ගත්තා. දරුවෙක්ට බේබි රූම් එක තරම් ආරක්ෂාවක් හොස්පිටල් එකේ අනිත් රූම් වල තිබුනෙ නෑ. එත් අපි හියුන් වෙනුවෙන් අවශ්‍ය හැම දෙයක්ම ඒ වෙනුවෙන් සූදානම් කරා. නැත්තන් එයා එහාට මෙහාට ගිහින්ම පිස්සෙක් වෙයි.

කොහොම හරි දෙවෙනි දවස වෙනකොට බබාවත් ජිමින්ගෙ VIP රූම් එකටම මාරු කර ගන්න පුලුවන් උනා. අපි ඒ දේවල් ලෑස්ති කරනකනුත් හියුන් කිසිම සද්දයක් නැතුව ජිමින් දිහයි බබා දිහයි බලන් හිටියා. චිමී එක්කන් එනකොට ඇදන් ආව ඇදුම, අවුල් උන කොන්ඩේ , එක සපත්තුවක් විතරක් දාගෙන වගෙම අඩන ගමන් එහාට යනව  මෙහාට යනව වෙනකොට එයාටම සිහියක් තිබුනේ නැහැ එයා ඉන්නෙ කොහොමද කියන එකවත්. කොච්චර එයාට කන්න දුන්නත් බොන්න දුන්නත්, ගෙදර එක්ක යන්න හැදුවත් අපි කියන කිසිම දෙයක් ඇහෙන නොඇහෙන ගානට එයා හිටියා. අඩුම එකන් තප්පරයක්නිදා ගත්තෙවත් නැ.

කොහොමද අපි එයා දිහා එහෙම බලන්නෙ? දවස් දෙකට මෙච්චර වේදනාවක්?අනේ ජිමින් ඉක්මනට බබාත් එක්ක හොද වෙන්න. නැත්තන් අපිට අපේ හියුන්වත් නැති වෙයි. ඔයා, හියුන්, අපේ  අලුත් බබා. තුන් දෙනාව අපිට ඕනි

.................................................

🐰 දවසක් දෙක , සතියක්.. නෑ සති දෙකක්ම ගියා ඒත් මගේ චිමීගෙන් කිසිම ප්‍රතිචාරයක් නැ. අනේ මගේ මැණික...🥺😔

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now