🍂 34 Chapter 🍂

Start from the beginning
                                    

හහ්.. මං මොන විකාර හිතනවද? මන් මගේ කුස දිහා බැලුවා. අපේ බබා එයා හොදින් නේද ?

මන් එතනම ඉදන් ඔහේ බලන් හිටියා. මට එතනින් එහාට කිසිම හැගීමක් හිතුනෙ නෑ.... ටිකකින් මට ඇහුනා දොර ඇරෙනවා වගේ.. එයා මන් ගාවට දුවගෙන ආවා..

ඔව්... ඒ කුකී..............

🐰 මන් චිමීට බොන්න පහසු වෙන්න ගුණම ගුණ සුප් එකක් මගේ අතින්ම හැදුවා. හිතුවට වඩා වෙලා ගියා. තාම වහිනවා. මන් සුප් එකත් උඩට ගියේ චිමි ඇහැරලා ඇතිදෝ කියලා හිතන ගමන්.

මන් දොර ඇරියත් ඇදේ චිමී හිටියෙ නැ. එයා කෝ? ඒත් එක්කම මන් නිකමට ජනේලෙ පැත්ත බැලුවා එයා එතන..

ආයෙම ඇස්වල කදුළු අලුත් වෙනකොට මන් සුප් එක ටේබල් එක උඩින් තියලා අඩියෙන් දෙකෙන් චිමී ගාවට ගිහින් මගේ අත් අතරට එයාව මැදි කරන් තුරුළු කර ගත්තා..

අනේ මැණික

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අනේ මැණික..........🥺😔

මන් එයාව තුරුලු කරන් විනාඩි පහක් දහයක් එහෙමම ඉන්න ඇති. මගෙ මැණික පහුගිය කාලෙත් මේ වගේ සීතල පොලවෙද හිටියෙ?
එයා හෙලවෙන්නෙවත් නෑ.. මන් දන්නවා එයා ආසම මේ ජනේලෙ ගාවට වෙලා පැය ගනන් බලන් ඉන්න.. විශේෂයෙන් වැස්ස වෙලාවට. ඒ වගේම එයා වැස්සෙ තෙමෙන්නත් ආසයි. ඒත් අද එයාට කෙලින් ඉන්නවත් පන නෑ  ..

එයාව දෝතට ගත්ත මම ජනේලෙ ගාව ලොකු පුටුව ඇල කරලා දෙන්නටම එළිය පේන විදිහට හදාන සුප් එකත් ඒ ලගින් තියලා ඉවර වෙල චිමීව අරන් වොශ් රූම් එකට ගියා..
ගිහින් මූන සෝදවලා උනු වතුරෙන් මුළු ඇගම සෝදලා බාත් රොබ් එකත් ඇන්දන් වඩාන ආයෙම ඇවිදින් පුටුවෙන් වාඩි උනා. මේ මුළු වෙලාවෙම එයා මන් දිහා ඔලුව උස්සලාවත් බැලුවෙවත් නෑ.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now