🍂 14 Chapter 🍂

Začít od začátku
                                    

👱 සමාවෙන්න හියුන් මගෙ වැරැද්ද මන් අහක බලාන ආවෙ.

🐰 ආහ් දේ.. නැ  නෑ ඔයාගෙ නෙමේ වැරැද්ද මාත් කලබලේනෙ ආවෙ. 😁

👱 කුම්මාවෝ හියුන්..☺️ මන් එහෙනම් යන්නම්..
           එහෙම කියලා ඒ ලමයා යන්න ගියා. ඒත් මගෙ හිතත් අරන්.. මුළු කොලේජ් එකේම කෙල්ලො කොල්ලො  ඔක්කොගෙම ඩ්‍රීම් බෝයි වෙච්ච ජියොන් ජන්කුක්ගෙ හිත පුන්චි පිරිමි ළමයෙක් ගාව නතර උනා.
මගෙ හිත පිස්සු නැටුවෙ නැති ටික විතරයි. ඊට පස්සෙ මන් ඒ බෝයි ගැන හොයන්න ගත්තා.. ඒත් එයා ගැන විස්තර හොයා ගන්න එකයි එයාට ලන්වෙන එකයි කර ගන්න මට ගොඩක් අමාරු උනා. මොකද එයාට ස්කූල් එක ඇතුලෙ එකම යාලුවෙක්වත් හිටියෙ නෑ. එයා යන්නෙ එන්නෙත් ලයිබ්‍ර්‍රි එකටයි, මියුසික් රූම් එකටයි ක්ලාස් එකටයි විතරයි. එකම දවසකවත් එයා කැෆටේරියා එකටවත් ආවෙ නැ. මන් හැම බලන් හිටියා එයා එනකන්. එයා පස්සෙන් දවසක් ස්කූල් ඇරිලා මන් ගියා. එයා තනියම ගෙදර ගියෙ. මන් මාස ගානක් එයාගෙ ගේ ගාව බලන් හිටියා එයා එළියට එනකන් ඒත් එයා ස්කූල් යන්න ඇරෙන්න වෙන කිසිම දේකට එළියට ආවෙ නෑ.
පස්සෙ මන් එයා හින්දම එයා ලයිබ්‍ර්‍රි යන හැම දවසෙම මාත් ලයිබ්‍ර්‍රි එකට ගියා එයාව බලන්න. ඒත් මට එයා කතා කරන්න බැරි උනා මන් ස්කූල් එකෙන් අයින් වෙනකන්ම. මට බයත් හිතුනා එයා මාව රිජෙක්ට් කරයි කියලා.

ඒත් මට පස්සෙ එයා ගැන බලන්න බැරි වුනෙ ග්‍රැජුවේශන් එක ඉවර උන ගමන් ම මන් ඩිග්‍රි එක කරන්න ඇමෙරිකා ගිය නිසා. ඒත් ගිය අවුරුද්දේ අප්පා නැති උන නිසා මන් කොරියා ආවම එයාව මතක් උනා. එයාගෙ උපන්දිනේ තිබ්බෙත් ලගමයි. මට එයාව හම්බවෙන්න ඕනි උනා. ඒත් මට හදිස්සියේ ආයෙ යන්න උනා. ඊට පස්සෙ මන් අදුරන කෙනෙක් ලව්වා ඒයාගෙ මෙසේ උඩින් එයා වෙනුවෙන්ම  හදවපු ඩයරිය තෑග්ගක් විදිහට තිබ්බෙව්වා. හැබැයි මන් කවුද කියන එක ලිව්වෙ නැ.

Flash Back End

     මන් විස්තරේ කියල ඉවර වෙනකොට චිමී මන් දිහා කදුලුත් පුරවන් බලන් ඉන්නවා..  එයා එක පාරටම මාවත් බදන් හයියෙන් අඩන්න ගත්තා. එයාට එදා වුන දේ මතකද?

🐣 හ් හ් කු හ් කුම්මාවෝ හියුන්..😭😭
        ස්තූතියි ඒ මන් ම උන එකට. 😭😭

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Kde žijí příběhy. Začni objevovat