🍂 12 Chapter 🍂

Bắt đầu từ đầu
                                    

🐰 බෑ. ඉතින් දහවල් උනාදෙන්. ඇයි අපි කොහෙවත් යනවයෑ. මේ අපෙ හනිමූන් නිවාඩුව. 😌
මන් ඒම කියලා හෙමීන් චිමීගෙ ටී එක අස්සෙන් අත දාලා පිට දිගේ අත අරන් ගියා..

🐣 ඒකත් ඇත්ත තමා..
ආහ්. මෙ මොකද මේ.. අනේ අත ගන්නකො කුකී..

🐰 චිමී හොදටම ඇඹරෙනවා. මෙයාගෙ ලැජ්ජාව නම් අයින් කරන්න වෙයි වගෙ..😂
වෙලාව බලන්නකො.. දැන් නම් බඩගිනිත් වගෙ..

🐣 අයියෝ කුකී දැන් 10 ත් පහු වෙලා.. හොදටම දවල් වෙලානෙ..

🐰 ආහ් එහෙමද බබා.. ඊයෙ නිදා ගද්දි හොදටම පරක්කු වෙලානෙ. කමක් නැ. අපි හෙමින් වොශ් එකක් දාන් මොන හරි ඕඩර් කරලා කාලා ඉමු ආහ්?

🐣 හ්ම් හරි කුකී.
මායි කුකී ඉක්මනට වොශ් දාගෙන ලෑස්ති උනේ බඩේ පනුවො හිගන මට්ටමෙන් කෑම ඉල්ල ඉල්ල කෑගහපු හින්දා. හොදටම බඩගිනී දැන් නම්.

🐰 චිමී අපි කෑම ගෙන්නන් කන්නෙ නැතිව පල්ලෙහාට කමුද? හොටෙල් එක බලන්නත් පුලුවන්නෙ ?

🐣 හරි කුකී. ඕනි විදිහක් හොදයි.

🐰 එන්න යමු එහෙනම්

🐣 මායි කුකී කාමරේ ලොක් කරලා හොටෙල් එකේ පල්ලෙහාට කෑම කන්න ගියෙ වටේ පිටේ බලන ගමන්මයි. ඔහ් දැන්නෙ ලස්සන පේන්නෙ.. හරිම ලස්සනයි . ගොඩාක් පරණ විදිහට මේවා ඩිසයින් කරල තියෙන්නෙ.

කුකී ටේබල් එකකට ගිහින් වාඩි වෙලා මටත් එහේ පැත්තෙන් වාඩි වෙන්න කියලා කන්න ඕනි මොනාද කියල ඇහුවා. මන් කුකීට කීවා එයා ගන්න දෙයක් ගන්න කියලා. ඒත් එක්කම කුකී වේටර් කෙනෙක්ට කතා කරල මොනාද ඕඩර් කරා.

🐣 කුකී අපි කොහෙද යන්නෙ දැන්?

🐰 යන්න නම් ගොඩක් දිහා හිතන් හිටිය චිමී. ඒත් අපි නැගිටිද්දි පරක්කු වෙලානෙ.
දැන් 11ටත් කිට්ටුයි.. මේ දවල් දැන්ම පාරට බැස්සොත් කර වෙලා තමා නතර වෙන්නෙ. අපෙ වගෙ නෙමේනෙ චිමි. මෙහෙ රස්නෙ වැඩී. උදේම එළිට බැස්සා නම් එච්චර ගානක් නැ. ඒත් දැන් ගියොත් ඉක්මනට හෙම්බත් වෙනවා.

ඒ හින්දා අපි දැන් නොයා හවස් වෙලා යන්. දැනට අපි රූම් එකට වෙලා ඉමු.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ