🍂 07 Chapter 🍂

Start from the beginning
                                    

ඒවගෙ තිබ්බ එක එක ෂොප් වලට ගිහින් මට ෂූස්, බෙල්ට්, ටයි,යියරින්ග්ස්, වොච් තව එක එක දේවල් ගොඩාක් ගත්තා. මට එව්ව තෝරන්න තේරුනෙ නැති උනත් හියුන් කියන එව්ව අහන් ඉදල එයත් එක්ක එව්ව තෝර ගත්තා..
අපි ෂොපින් කරන්න ඇවිත් දැන් ගොඩක් වෙලා. දැන් දවල් පහු වෙලා හවස් වෙන්නත් ලගයි. දැන් නම සූටි බඩ ගින්නකුත් ආවා. උදේට කෑවෙත් නෑනෙ.

දැන් නම් පාන් කියා ගන්න බැරි සයිස්. ඒත් හියුන්ට නම් ගානක්වත් නෑ.

🐰 චිමී මේ ගත්ත දේවල් ඇද්ද? තව මොනාද මදි උනේ?

🐣 අයේ මුකුත් නෑ හියුන්. මේ ඇති හොදටම ඇති. මෙච්චර මන් මොනාට පාවිච්චි කරන්නද?

🐰 ඇයි හෙට ඉදන් ඔයා මේ ජියොන් ජන්කුක්ගෙ හස්බන්. ඉතින් ඔයාට කොච්චර ඇදුම් , බඩු තිබ්බත් මදිනෙ. හ්ම්?

🐣 අනේ හියුන්..
හියුන් ඒම කියන කොට මට ලැජ්ජ හිතුනා. ඇත්ත තමා හෙට ඉදන් මන් තව දුරටත් පාර්ක් ජී මින් නෙමේ ජියොන් ජී මින්. ඉතින් මන් මේ ඉන්නවා වගෙ නෙමෙ. කුකීගෙ හස්බන් විදිහට මටත් එයා එක්ක එයාගෙ දේවල්වලට සම්බන්ද වෙන්න වෙනවා. එතකොට ඉතින් එකම ඇදුමෙන් පැලදුමෙන් යන්න බෑනෙ..

🐰 මොනාද මෝචියෝ ඔච්චර කල්පනා කරන්නෙ ආහ්? කොයිවෙලේත් කල්පනාව.
ඔයා කැමති නැද්ද මන් මේ තෝරන දේවල් වලට? එහෙනම් කියන්න අපි මේ ඔක්කොම අයින් කරමු ආහ්?

🐣 හියුන් මූනත් අවුල් කරන් එහෙම කියනකොට මට දුක හිතුනා. හියුන් මේ හැමදේම මන් වෙනුවෙන් පිළිවලට කරනවා. ඒත් මන්..

අනේ නෑ හියුන්. එහෙම නැ. හියුන් අරන් දුන්න දේවල් තම  මට හම්බුන හොදම දේවල්. මේවා ඕනවටත් වඩා වැඩී..
හියුන් මන් ලගටම ඇවිත් මගෙ අත් දෙකම අල්ලන් මන් දිහා බලන් හිනා උනා.

🐰 එහෙම නෑ චිමී. මට ඕනි ඔයාට හොදම දේ දෙන්න. අපි දෙන්න එකට ඉන්නකන් මට ඕනි පුලුවන් හැම විදිහටම ඔයාට හොදම දේ දෙන්න.. ඉතින් මේ දේවල් මට බරක්වත් වදයක්වත් නෙමෙ. මට ඕනි චිමීගෙ කුකී හියුන් ගාව හැමදාටම චිමීට හොදින් ඉන්න ඉඩ හදල දෙන්න. තේරුනාද?

🐣 හරි හියුන්..
        මන් කට පුරාම හිනාවක් දාලා පලවෙනි පාරට හියුන්ගෙ අත වැලිමිට ගාවින් දෝත බදලා අල්ල ගත්තා..

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now