chapter 45 😈😇

512 98 3
                                    

😇 සූ.....

කියන්න ගිය දේත් නවත්තලා මිකිල් ඩෙවින්ව බදා ගත්තෙ මිකිල්ට  හිතන්නවත් ඕනි නැති අතීතෙ ගැන ආයෙමත් මතක් කරන්න වෙන නිසා....

මිකිල් ඉන්නෙ බය වෙලා කියලා තේරුන නිසා ඩෙවින් කලේ තව ටිකක් තද කරලා මිකිල්ව එයාට තුරුල් කර ගත්ත එක......

😈 මැණික..... බය වෙන්න එපා.... මන් ඔයාට මුකුත් වෙන්න දෙන්නෑ ආය....

😇 මන් දන්නවා සූ.....

😈 එහෙනම් දැන් කියනවද මට මොකද්ද උනේ කියලා....

😇 අම්මියි තාත්තියි නැති උනාට පස්සෙ එයාලා මාව ලංකාවට ගෙනාවනෙ සුවී... මාව එක්කන් ආවෙ අපේ බාප්පි... ඒ කියන්නෙ තාත්තිගෙ මල්ලි... රවීන් අසංක මාරසිංහ.. එයා තරුණ කාලෙ කෙනෙක්ව මරපු නිසා එයා හිරේ හිටියෙ... දැනට අවුරුදු පහකට විතර කලින් එයා නිදහස් උනා... ඒත් පවුලෙ කවුරුත් එයාව පිලිගත්තෙ නෑ.... මන් හිතන්නෙ ඒ නිසා එයා මගෙ තාත්ති එක්ක ගොඩක් තරහෙන් හිටියෙ.... මගේ අම්මිටයි තාත්තිටයි මෙහෙම කලේ එයා.... මාව ලංකාවට එක්කන් ඇවිත් එයාලා මට ගොඩක් වද දුන්නා සුවී.....

😈 මිකී..... 😣😣 ඔයාට ඕවා මතක් කරන එකට සොරි....

😇 ඒකට කමක් නෑ සූ... දැන් ඔයා ඉන්නවනෙ මට.... ම්ම්ම්ම්ම් මුල ඉඳන්ම එයා මගෙන් අපේ කම්පැනි එක ඉල්ලුවා.. ඒත් මන් බෑම කිව්වා... මොකද මගෙ අම්මියි තාත්තියි ගොඩක් මහන්සි උනා කම්පැනි එක හදන්න... ඉතින් මන් කොහොමද ඒක දෙන්නෙ... එයලා මාව දාලා තිබ්බෙ පොඩි කාමරේක... මට හරියට කන්න වත් දුන්නෑ... බාප්පි ඇවිත් හැමදාම මට ගැහුවා.. බෙල්ට් එකෙන්.... බැට්න් එකකින්... අතට අහු වෙන හැම එකකින්ම වගේ.. ඒ මාක් තමා මගෙ පිටෙ තියෙන්නෙ.... අවුරුදු තුනක් එහෙම ඉන්න එක ලේසි නෑ සුවී... මන් ගොඩක් මානසිකව වැටිලා හිටියෙ... මට එලියට වත් යන්න විදියක් තිබුනෙ නෑ... අන්තිමට මට සිද්ද උනා බාප්පට කම්පැනි එක දෙන්න.... ඊට පස්සෙ තමයි එයා මාව ලන්ඩන් වලට එව්වෙ.... අම්මිගෙයි තාත්තිගෙයි ප්‍රොපටිස් ඔක්කොම මගෙ නමට තිබ්බත් ඒවගෙ රූල් එකක් තියෙනවා මට අවුරුදු 35 වෙනකන් ප්‍රොපටීස් වල භාගයක් වෙන කෙනෙක්ට දෙන්න බෑ කියලා.... ඉතින් ඒ ටික ගන්න තමයි බාප්පා මාව අතෑරියෙ... නැත්තම් මෙලහකටත් උන් මාව මරලා....

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now