chapter 28 😈😇

558 110 6
                                    

කැම්පස් ඉවර වෙලා අපාර්ට්මන්ට් එකට ගියත් ඩෙවිනුයි මිකිලුයි නම් කරේ මුලු දවසම කෝල් කර කර හිටිය එක... මේ වෙද්දි නම් දෙන්නට දෙන්නා නැතුව බැරි වෙන තරම් එයාලා ලං වෙලයි හිටියෙ..

කැම්පස් එකේ ඩෙවිනුයි මිකිලුයි ෆේමස් කපල් එකක් උනාට තාම කවුරුත් කන්ෆෝම් කරන් තිබුනෙ නෑ ඒක ගැන....

පලවෙනි ලෙක් එක ඉවර වෙලා ඩෙවින්ලා සෙට් එක හෝල් එකක් අයිනට වෙලා චැටක් දාන් හිටියෙ එතනින් යන ගමන් හිටිය මිකිල් ඩෙවින්ව දැකලා කතා කරන්න එද්දි... ජෙරික් & රාජ් අයිනකට වෙලා හිටියෙ ඩෙවිනුයි මිකිලුයි කතා කරලා ඉවර වෙනකන්....

ඒ වෙලාවෙ කොහෙදෝ ඉඳන් ඩෙවින් බේබි කියාගෙන කෑ ගහගෙන ආවෙ කේට්... ආපු ගමන්ම කේට් ඩෙවින්ගෙ අත අල්ලගෙන ඩෙවින්ට තුරුල් උනේ මේ උඩැක්කියට මොකක් වෙලාද කියලා ඩෙවිනුත් බය වෙද්දි...

😈 මේ මොකද මේ.... ඕයි කේට් තමුසෙට උනද ඩෙවින් ඇහුවෙ කේට්ගෙ අතත් අයින් කරන ගමන්..

ඒ උනාට කේට් නම් කූඩැල්ලෙක් වගේ එල්ලිලා හිටියෙ ඩෙවින්ගෙ අත හයියෙන් අල්ලන්...

අනේ ඇයි බේබි මෙහෙම කරන්නෙ මට... මන් ඔයාට කොච්චර ආදරෙයිද කියලා ඔයා දන්නවා නේද...

😈 කේට් මේහ්.. මන් ඔයාට කිව්වෙ නෑ නෙ මට ආදරේ කරන්න කියලා... ඉස්සෙල්ලා මගෙ අත අතාරිනවා...

මට බෑ ඔයාව අතාරින්න බේබි. මට ඔයාව කොහොමහරි ඕනි කියන ගමන් කේට් ඩෙවින්ව කිස් කරේ ඩෙවින් කේට්ව තල්ලු කරලා දාද්දි.. ඒත් ඉතින් කේට් නම් අයින් උනේ ඩෙවින්ගෙ තොලත් හපලා....

වටේ හිටිය සෙට් එකගෙ කටත් ඇරුනෙ මොන මංගල්ලයක්ද යකෝ ඒ උනේ කියලා හිතන ගමන්...

කේට් ගෙ මේ වැඩේ එක්ක ඩෙවින් නම් හිටියෙ හොඳටම තරහා ගිහින්....

😈 යාශ්... මේක අහ ගන්නවා තමුන්.. මන් මෙච්චර කල් ඉවසුවෙ තමුන් කෙල්ලෙක් නිසා වෙන එකෙක් නම් මේ වෙද්දි උගෙ බෙල්ල ගලවලා අදට දීලා මන්. හැබැයි අද තමුසෙ මගෙ ඉවසීමේ සීමාව පැන්නුවා.. ආය තමුසෙ මගෙ ඉස්සරහට ආවොත් මට තමුසෙ කෙල්ලෙක් කියන එකත් අමතක වෙයි...කේට්ගෙ අතෙන් තද කරලා අල්ලන් ඩෙවින් කෑ ගැහුවෙ කේට් අතත් ගසලා දාලා යද්දි....

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now