chapter 37 😈😇

611 109 10
                                    

😈 අයින් වෙයන් යකෝ මොකද්ද කරන්නෙ. මට මගෙ කොල්ලව බලන්න ඕනි

👨 කරන්න තියෙන හැම දේම කරාට පස්සෙ උබ තවත් එන්නෙ මොකටද යකෝ.. උබ තමයි මේ හැම දේටම වග කියන්න ඕනි. උබට කොහොමත් ඕනි උනේ මිකිල්ව මරා ගන්න නේ.දැන් සතුටුයිද උබට... ජෙරික් ඇහුවෙ කේන්තියෙන්...

😈 උබට වැඩක් නෑ නෙ අපේ දේවල්.. ඈත් වෙලා හිටපන්.... ඩෙවිනුත් කෑ ගැහුවෙ ඇස් දෙකත් රතු කරන්...

👨 වැඩක් නෑ හහ් මට වැඩක් නැත්තම් උබ වගෙ මිනීමරුවෙක්ටද වැඩක් තියෙන්නෙ ආහ්... උබ හිතන් ඉන්නෙ මන් උබ ගැන දන්නෑ කියලද.....vestiti luminosi group of company එකේ owner වෙච්ච ඇලෙක්ස් විනුරාද් ඩී රෝයි, ගෙ එකම පුතා.. මන් හරි නේද මිස්ටර් ඩෙවින්...

මේ වෙලාවෙ නම් ඩෙවින් ජෙරික් දිහා බලන් හිටියෙ එයා දැන් මේවා කියවන්නෙ ඇයි කියලා හිතා ගන්න බැරුව..

👨 උබ ප්ලෑන් කරලම නේද මිකිල්ව උබට ලං කර ගත්තෙ... මන් දැන ගත්තා මොකෙක්ටවත් සෙකන්ඩ් වෙන්නෙ නැති මිස්ටර් ඩෙවින් එක පාරට ලංකාවෙන් ආපු කොල්ලෙක්ගෙ වටේ කැරකෙද්දි මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා.. උබට ඕනි උනේ උබේ තාත්තා මරපු එකට මිකිල්ගෙන් පලි ගන්න නේද... කියපන් මට උබට ඕනි උනේ ඒක නේද...

😈 මන් උබට සැරයකුත් කිව්වා ජෙරික්.. මේවා තමුසෙට අදාල නෑ..

👨 ඒකට කමක් නෑ තමුන් ඉස්සෙල්ලා අහ ගන්නවා මන් කියන දේ.. තමුන්ගෙ තාත්තව මැරුවෙ මිකිල්ගෙ අම්මයි තාත්තයි නෙමෙයි ඒක කලේ වෙන එකෙක්..

😈 තමුසෙ... තමුසෙ කොහොමද එහෙම කියන්නෙ..

👨 මාත් මෙච්චර කල් ඒක දැනන් හිටියෙ නෑ ඒත් මන් දැන් දන්නවා ඒක.. අයිසෙ ඩෙවින් තමුසෙ දන්නවද තමුසෙගෙ තාත්තගෙ ජීවිතේ බේරන්න ගිහින් මිකිල්ගෙ අම්මයි තාත්තයි දෙන්නම මැරුනා කියලා.. ඊට පස්සෙ මේ අහිංසකයා කොච්චර දුක් විඳලද කියලා තමුසෙ දන්නවද... මේ කිසි දෙයක් නොදැන උබ මේ කොල්ලට මෙහෙම කරා නේ... මතක තියා ගනින් මිකිල්ට මොනා හරි උනොත් තෝව ඉතුරු කරන්නෑ මන්..

😈 මොනාද යකෝ කියවන්නෙ... උබ කොහොමද ඔහොම දේවල් කියන්නෙ... ඩෙවින් ඇහුවෙ අඬන ගමන්මයි...

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now