chapter 13 😈😇

664 131 5
                                    

😇 අයියේ... 😐 මන් මීට කලින් බයික් වල ගිහින් නෑ නෙ.....

😈 මොකාක්...... 🤣🤣🤣🤣🤣 ඩෙවින් ඇහුවෙ හයියෙන්ම හිනා වෙන ගමන්. මොකද බයික් එකක ගිහින් නැති කොල්ලෙක් මේ ලෝකෙ ඉන්නවා කියලවත් ඩෙවින්ට හිතා ගන්න බෑ

ඒත් ඔක්කොම පැත්තකදින් තියලා මිකිල් නම් වශී වෙලා වගෙ බලන් හිටියෙ ඩෙවින් දිහා. මොකද මෙච්චර කල් කවුරුත්ම දැකලා නැති ඩෙවින්ගෙ ඒ ලස්සන හිනාව මිකිල් දැක්ක නිසා......

ඒ හිනාව දැකලා මිකිල් ඩෙවින්ට වශි උනේ නෑ කිව්වොත් බොරු. මොකද එච්චරම ලස්සනයි ඩෙවින් හිනා වෙද්දි......

හිනාව නවත්ගන්න බැරුව ඩෙවින් විනාඩි පහක් විතර හිටියා.. බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් ඩෙවින් බැලුවෙ මිකිල් දිහා.. එතකොට නම් ඩෙවින්ගෙ කන් දෙකත් රතු උනා මොකද මිකිල් හිටියෙ ඩෙවින්ව ගිලින සයිස් එකෙන් එයා දිහා බලාගෙන....

😈 මොකද.. 😑

😇 හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න අයියේ... මන් දන්නෑ ඔයා හිනා වෙද්දි මාරම ලස්සනයි මට කියන්න තේරෙන්නෑ ඔයා වෙනස්ම කෙනෙක් වගෙ ඔයා හිනා වෙද්දි.. හැමදාම ඔහොම ඉන්න....

මිකිල් කිව්වෙ හදවතින්ම. ඒ වචන ඩෙවින්ගෙත් පපුවටම වැදුනේ හුඟ කාලෙකින් කෙනෙක් එහෙම කතා කරල තිබුනෙ නැති නිසා....

විනාඩියක් විතර දෙන්නා අතර නිශ්ශබ්දතාවක් තිබ්බත් ඒක නැති කරලා ඩෙවින් කිව්වෙ බයික් එකට නගින්න කියලා...

මිකිල් ආයම මූන බෙරි කර ගත්තෙ හෙල්මට් එක දිහා බලලා...

ඩෙවින්ට තේරුනා කොල්ලා ඇඹරෙන්නෙ ඒක දාගන්නත් බැරුව කියලා...

😈 එර්ර්ර් කෝ එනවා මෙහෙට්ට... ඩෙවින් කතා කලේ බැන බැනම...

මිකිල් ඉතින් හොර පූසා වගේ ඇවිත් හිට ගත්තෙ ඩෙවින් ඉස්සරහා

😈 හෙල්මට් එකක් දා ගන්න වත් දන්නැද්ද. පොඩි එකෙක් වගෙ... පොඩි ලමයිනුත් දන්නවා හෙල්මට් එකක් දාන්න.. එර්ර්ර් කොහොමද කැම්පස් ආවෙ...

ඩෙවින් බැන බැන හෙල්මට් එක දානවා...

ඔය අස්සෙ මිකිල් කුටු කුටු ගගා ඩෙවින්ට බනින්න ගත්තෙ ලැජ්ජාවට.
😇 මේ මෝඩයා නම් කියයි. ජීවිතේට බයික් එකක ගිහින් නැති මන් කොහොමද අනෙ හෙල්මට් දාන්නෙ. මෝඩ බූරුවා... මිකිල් මේ ඩෙවින්ට බනින්නෙ සිංහලෙන්. මිකිල් දන්නෑ ඩෙවින් සිංහල දනන්වා කියලා. ඩෙවින් සිංහල හොඳටම දන්නවා මොකද ඩෙවින්ගෙ තාත්තා ලංකාවෙ කෙනෙක් නිසා...*****

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now