chapter 25 😈😇

626 125 8
                                    


ඩෙවින්ගෙ රතු පාට වෙලා තිබ්බ තොල් උඩින් කෙටි හාදුවකුත් තියලා මිකිල් ඉක්මන්ට කිචන් එකට ගියේ ඩෙවින් එයාව අල්ල ගන්න කලින්...

මිකිල්ගෙ මේ වැඩ නිසා ඩෙවින්ගෙ හිත සම්පූර්ණයෙන්ම ආදරෙන් පිරිලා තිබුනත් ඩෙවින් කල්පනා කලේ එයාගෙ ප්ලෑන්ස් වලට මොකද්ද කරන්නෙ කියලා...

ඩෙවින් හිත දැන් තිබුනෙ පලිගැනීමත් ආදරයත් අතර දෝලනය වෙමින්... තමන්ගෙ තාත්තගෙ ජීවිතේ වෙනුවෙන් වන්දිය ගන්නවද තමන් වෙනුවෙන් දෝරෙ ගලන ආදරේ රැක ගන්නවද කියලා ඩෙවින්ට තාම හිතා ගන්න බැරි උනා..

බ්‍රෙක්ෆස්ට් එක ගන්න ගමන් මිකිල් ඇහුවෙ මොනා කරන්න ගිහින්ද ඔහොම තුවාල කර ගත්තෙ කියලා...

බ්‍රයන්ට ගහපු කෙනෙක් එක්ක ගහ ගද්දි තුවාල උනා කියලා ඩෙවින් ශේප් උනත් එයාට හිතා ගන්න බැරි උනා මිකිල් මේක විස්වාස කරයිද කියලා...

ඩෙවින්ගෙ මේ ඩාක් සයිඩ් එක ගැන කිසි දෙයක් නොදැන හිටිය මිකිල් නම් මේක විස්වාස කලේ ඩෙවින් එයාට කවදාවත් බොරුවක් කියන එකක් නෑ කියලා විස්වාස කරන නිසා...

යාලුකමකුත් නොවන ආදරේකුත් නොවන අමුතු බැඳීමකින් පැටලිලා ඉන්න දෙන්නම හිතුවෙ ටිකක් දවස් යද්දි හැම දේම හරි යයි කියලා...

ඩෙවින් ගෙදර යන්න ගියත් මිකිල් කොහොම හරි ඩෙවින්ව නවත්ත ගත්තෙ ආය අසනීප උනොත් කියලා....

කරන්න වැඩකුත් නැති එකේ දෙන්නා හවස් වෙනකම්ම වීඩියො ගේම් ගැහුවෙ වෙලාව යනවා දැනෙන්නැති වෙද්දි ....

හවස් උනාම නම් ඩෙවින් ගෙදර යන්න ලෑස්ති උනේ හෙට කැම්පස් එන්නම් කියන ගමන්... 

ඩෙවින් ගියේ නම් මිකිල්ගෙන් උපදෙස් සීයක් විතර අහගෙන....

ඩෙවින් යද්දි ආයෙමත් මිකිල් ඩෙවින්ව නවත්තලා නලලට චුටි හාදුවක් දෙන ගමන් මන් ආදරෙයි ඩේව් කිව්වෙ පුරුදු විදියටමයි....

ඩෙවින්ටත් මිකිල්ට ආදරෙයි කියන්න උවමනාවක් තිබ්බත් එයාට ඒක කියා ගන්න බැරි උනේ ඩෙවින් තාම හරි තීරණයක හිටපු නැති නිසයි...

ගෙදර යන දිගටම ඩෙවින් කල්පනා කලේ මොකද්ද කරන්නෙ කියලා... අන්තිමට ඩෙවින් තීරණෙ කලේ මිකිල්ට සමාව දෙනවා කියලා...

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now