chapter 41 😈😇

554 98 15
                                    

මිකිල් රූම් එකට ඇවිත් ඇඳට වැටුනේ මේ වෙච්ච දේවල් එයාට හීනයක් වගේ දැනෙද්දි....

සුවී මට මෙච්චර ලං උනේ බොරුවටද ඒ කියන්නෙ... එයා මන් වෙනුවෙන් කරපු හැමදේම බොරුද... මිකිල් කල්පනා කලේ අඬන ගමන්...

ඔයාට ඕනි උනේ මන් මැරෙනවා බලන්නද සුවී 😔 ඔයා එච්චර තරහකින්ද මන් එක්ක හිටියෙ.... මෙච්චර කල් ඩෙවින් එක්ක ගෙවුන හැම තප්පරයක් ගැනම හිත හිත කොට්ටෙකුත් තුරුල් කරන් මිකිල් ඇඬුවෙ ඩෙවින්ගෙ ආදරේ බොරු කියලා එයාගෙ හිත පිලිගන්න අකමැති වෙද්දි..

ජෙරික් රූම් එකට එනකොටත් මිකිල්ට නින්දෙ ගිහින් තිබුනා.. මිකිල්ට ශීට් එකත් පොරවලා ජෙරික් ගියේ නෝට් එකකුත් ලියලා තියලා.. ඒකෙ තිබුනෙ හෙට උදේට මන් ඔයාව ගන්න එන්නම් කියලා....

ගෙදර ගියත් ඩෙවින්ගෙ හිතට නම් නිදහසක් තිබුනෙ නෑ.. ඩෙවින් කොහොමටවත් කැමති උනේ නෑ ආය පාරක් මිකිල්ව නැති කර ගන්න.. මොකද පහුගිය දවස් ටිකේ මිකිල් නැතුව ගෙවපු ජීවිතේ කොච්චර අමාරුයිද කියලා ඩෙවින්ට මතක් උනා...
ඩෙවින් ලෑස්ති වෙලා හිටියෙ මොන දේ උනත් මොනාම හරි කරලා ආය මිකිල්ව එයා ලඟට ගන්නවා කියලා...

ඩෙවින් මිකිල්ට කීප සැරයක්ම කෝල් කරත් මිකිල් ඒ එක කෝල් එකක් වත් ආන්ස්වර් කරේ නම් නෑ...

ඊලඟ දවසෙ කැම්පස් එකට ගිහින් ඩෙවින් බලන් හිටියෙ මිකිල් එනකන්.... මිකිල් කැම්පස් එකට ආවත් එයා ජෙරික් එක්ක කතා කර කර ගියේ ඩෙවින්ව ගනන් නොගෙන....

ඩෙවින්ට මිකිල් එක්ක කතා කරන්න ඕනි උනත් ඩෙවින් කතා නොකලෙ එතන ජෙරික් හිටිය නිසා....
දවසම මිකිල් ගැන ඇලට් එකේ ඉද්දි ඩෙවින්ට මිකිල් එක්ක කතා කරන්න චාන්ස් එකක් හම්බුනේ රාජ් ජෙරික්ව එක්කන් ගිය නිසා...

ඩෙවින් තමන්ගෙ පැත්තට එනවා දැකපු මිකිල් හැරුනෙ එතනින් යන්න.. ඒත් මිකිල්ට යන්න හම්බුනේ නම් නෑ... මොකද ඩෙවින් හිටියෙ මිකිල්ගෙ අත අල්ලන්....

😈 මිකි ප්ලීස් මට පොඩ්ඩක් කතා කරන්න දෙන්න...

😇 මට ඔයා කියන දේවල් අහන්න ඕනි කමක් නෑ මට යන්න දෙන්න... මිකිල් හිටියෙ ඩෙවින් දිහා බලාගෙන ඔරවගෙන....

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now