chapter 38 😈😇

597 108 3
                                    

මිකිල්ගෙ ඩයරියත් අරන් ඇඳට ගිය ඩෙවින් ආය ඒක කියවන්න පටන් ගත්තෙ තව කියවන්න ටිකක් තිබුන නිසා.. මිකිල්ගෙ ඩයරි එක පුරාම තිබ්බෙ අවුරුදු ගානකට කලින් ඉඳන් මිකිල්ට වෙච්ච දේවල් වගේම ඩෙවින් හම්බුනාට පස්සෙ මිකිල්ගේ ජීවිතේ වෙනස් උන විදිය... ඔය වෙලාවෙ තමයි ඩෙවින් දැක්කෙ මිකිල් එයාට ලියලා තිබ්බ ලෙටර් එක....

ඒක කියෙව්වම නම් ඩෙවින් ඔලුවට අතත් ගහ ගත්තෙ මන් මොන මෝඩ හරකෙක්ද කියලා හිතන ගමන්....

මිකිල්ගෙ ලෙටර් එකේ තිබුනෙම එයා ඩෙවින්ට ආදරේ කරපු තරම.. එයාට ඩෙවින්ව කොච්චර මතක් උනාද කියලා....

😈 ඔයා වගේම මමත් දුක් වින්දා මිකි... ඔයාව මතක් නොවුන තප්පරයක් වත් මටත් තිබුනෙ නෑ... අම් සොරි මිකී.. මේ හැම දේම මන් නිසානෙ...

ඩෙවින් කතා කරේ මිකිල්ගෙ ඩයරි එක දිහා බලන්...

ඊට පස්සෙ තමයි ඩෙවින් දැක්කෙ ලෙටර් එකේ තියෙනවා එයයි කේටුයි බයික් එකේ යන එක මිකිල් දැක්කා කියලා...

😈 මෝඩ කොල්ලා මට ඔච්චර ආදරේ කරාද.... මන් ඔයාගෙ විතරයි මිකී මිට පස්සෙ මන් වෙන කෙනෙක්ට හීනෙකින් වත් ලං වෙන්නෙ නෑ... ඔයාම කිව්වත් ඔයාව දාලා යන්න කියලා ඒත් මන් යන්නෑ මිකී... ප්ලීස් මට අන්තිම පාරට චාන්ස් එකක් දෙන්න.... මිකිල්ගෙ ඩයරි එකත් තුරුල් කරන් ඩෙවින්ට නින්දෙ ගියා....

උදේම නැගිටපු ඩෙවින් ශොප් එකකින් උණුවට සුප් එකකුයි කෑම වගයකුයි අරන් හොස්පිට්ල් එකට ගියේ මිකිල්ව බලන්න....

ඒ යද්දිත් මිකිල් නම් හිටියෙ හොඳට නිදාගෙන...

මිකිල්ගෙ කම්මුල් උඩ ඇඟිලි යවපු ඩෙවින් මිකිල්ගෙ නලලයි කම්මුලකුයි සිප ගත්තෙ මිකිල්ව ඇහැරෙන්නෙ නැති වෙන්න....

මිකිල් ඇහැරෙනකම්ම ඩෙවින් හිටියෙ මිකිල්ගෙ මූන දිහා බලාගෙන ඔලුව අත ගාන ගමන්... විනාඩි 20 ක විතර පස්සෙ මිකිල් ඇහැරුනේ ඇස් දෙකත් පොඩි කරගෙන.....

ඇහැරුන ගමන්ම ඉතින් කොල්ලා දැක්කෙ එයා ලඟටම වෙලා ඉන්න ඩෙවින්ව... මූනෙන් නොපෙන්නුවාට මිකිල් හිටියෙ පියාබන්න තරම් සතුටෙන් මොකද ඉතින් එයාගෙ සුවී දැන් එයා ලඟටම වෙලා ඉන්නවනෙ....

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now