chapter 15😈😇

675 130 4
                                    

ඒ තමයි ඩෙවින් මිකිල්ට නම කියලා කතා කරපු පලවෙනි පාර... ඒක ඇහුන සතුටට මිකිල්ට වෙච්ච හැමදේම අමතක උනේ මූන පුරා ලොකු හිනාවක් ඇඳෙද්දි...

මිකිල් දිහා බලන් හිටිය ඩෙවින් නම් බයත් වුනා මේ කොල්ලා එක පාරට හිනා වෙන්නෙ නට් ලූස් එකක්වත්ද කියලා.... ඒ අස්සෙම ඩෙවින්ට හිතුනේ තමන් කිස් කරපු එක එච්චර හරි නැති නිසා මිකිල් හිනා වෙනවදෝ කියලා..

😈 මොකද හිනා වෙන්නෙ.. ලැජ්ජාව බල්ලට දාලා ඩෙවින් ඇහුවෙ...

😇 නෑ නෑ මුකුත් නෑ

😈 ගුටි නොකා කියනවද නැද්ද

😇 නෑ මේ... අද තමයි ඔයා මට ඉස්සෙල්ලාම නම කියලා කතා කරේ... ඉතින් මට සතුටුයි මිකිල් කිව්වෙ හිනා වෙවී..

එර්ර් මේ මෝඩ කොල්ලා... ඩෙවින් හිටියෙ හිත යටින් මිකිල්ට බනින ගමන්.. ඒ එක්කම ඩෙවින්ට හිතුනෙ එහෙනම් මගෙ කිස් එක හොඳ ඇති කියලා.... (gammac thama 😅)

😈 මිකිල් ආම් සොරි කලින් වෙච්ච දේට... ඩෙවින් කිව්වෙ පොඩි එකෙක් වගේ බිම බලන්..

😇 ම්ම්ම් ඒක.. ඒකට කමක් නෑ..  ඩෙවින්ට දැනෙන වරදකාරි හැඟීම නැති කරන්නත් ඕනි කියලා හිතලයි මිකිල් එහෙම කිව්වෙ. ඇත්තටමත් ඉතින් මිකිල්ට ඒක ප්‍රශ්නයක් උනේ නෑ ....

ඒ උත්තරේ එක්ක ඩෙවින්ගෙ හිතත් ටිකක් නිදහස් උනා.... ඩෙවින්ගෙ ප්ලෑන් එකට අනුව මිකිල්ට ලං වෙන්න ඕනි උනත් ඩෙවින් හිතුවෙ නෑ මේ තරමට ලං වෙන්න. ඒ වගේම ඩෙවින් තේරුම් ගත්තා හිතන තරම් මේ දේවල් ලේසිත් නෑ කියලා...

ෆිල්ම් එකත් ඉවර උනේ දෙන්නටම නොදැනිම සෑහෙන වෙලා ගිහින් තියෙද්දි....

හෝල් එකෙන් එලියට ඇවිත් මිකිල් නම් වට පිට බල බල ඇවිද්දෙ හරි සතුටින් එතකොට තමා කොල්ලට මතක් උනේ දෙන්නගෙ ෆොටෝ එකක් ගන්න....

😇 අයියේ... ෆොටෝ එකක් ගමුකෝ....

😈 බෑ බෑ දැන් මොන ෆොටෝද...

😇 අනේ එකම එකක්... ප්ලීස් එකම එකක්...

අන්තිමේ ඩෙවින් ඒකටත් හා කිව්වෙ මිකිල්ගෙන් බේරෙන්න බෑ කියලා දන්න නිසා....

එතනින් ගිය ගෑනු ලමයෙක්ට කතා කරලා මිකිල් ෆෝන් එක දුන්නෙ ෆොටෝ එකක් ගහන්න කියලා... කොහොම හරි ඉතින් අන්තිමේ මිකිල් දෙන්නගෙ ෆොටො එකක් ගහ ගත්තා .... 💪

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now