chapter 32 😈😇

575 106 5
                                    

තමන්ගෙ ඉස්සරහට වැරදි සයිඩ් එකෙන් බයික් එකක් එනවා දැක්ක ලොරි ඩ්‍රයිවර් ඉක්මන්ට ලොරිය අනිත් පාත් එකට දැම්මෙ ඒ පැත්තෙන් කිසි වාහනයක් ආපු නැති නිසා...

ඒ එක්කම වගෙ වේගෙන් බයික් එකේ ආපු ඩෙවින් ලොරියත් පාස් කරන් ගියේ ලොරියෙ ඩ්‍රයිවර් ඩෙවින්ට හොඳ වචන වලින් බනිද්දි....

රෑ නිසා පාරෙ වාහන අඩු වෙලා තිබ්බෙ ඩෙවින්ගෙ වාසනාවට. මොකද දවල්ට වගේ වාහන තිබ්බා නම් මේ යන විදියට ඩෙවින් මෙලහකට හොස්පිට්ල් එකේ තමයි ඉන්නෙ....

යන්නෙ කොහෙද කියලා වත් නොහිතා ගිය ඩෙවින් එක පාරටම ගැස්සුනෙ බයික් එක ලිස්සලා ගිහින් පෙරලෙද්දි... පාරෙ මොකෙක්වත් නැති නිසා ඒ වෙලාවෙ ඩෙවින් ගැන බලන්නත් කවුරුත් හිටියෙ නෑ.... උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව වැටුන විදියටම ටිකක් වෙලා හිටිය ඩෙවින්ට වෙච්ච දේ තේරුනේ කොල්ලගෙ මත් ගතිය අඩු වෙද්දි....

ඩෙවින්ගෙ අතපය නම් තිබුනෙ හිරි වැටිලා මුකුත් දැනෙන්නෙ නැතුව... කොහොම හරි අමාරුවෙන් නැගිටලා බලද්දි තමා ඩෙවින් දැක්කෙ එයාගෙ අත් දෙකෙයි එක කකුලකයි තිබ්බ තුවාල.. ඇඳන් හිටිය ඩෙනිම් එකත් ඉරිලා ඒ අස්සෙන් ලේ ගලන්න ගත්තෙ ඩෙවින්ට තරු පෙනෙද්දි....

වෙලාව උදේ 6 විතර වෙලා තිබ්බ නිසා දැන් නම් කට්ටිය වැඩට ඇවිත් ඇති කියලා හිතලා අමාරුවෙන් බයික් එකටත් නැගලා ඩෙවින් ලඟම හොස්පිට්ල් එකට ගියේ බෙහෙත් දා ගන්න....

අත් දෙකයි කකුල් දෙකයිත් ඔතාගෙන කොල්ලා නම් හිටියෙ හරියට මමියක් වගේ..... මේ වෙද්දි ඩෙවින් ලන්ඩන් ටවුන් එකෙන් ගොඩක් ඈතට ඇවිත් තිබුනා... ඒ පැත්තෙ තියෙන එයාලගෙ කම්පැනි එකේ බංගලාවකට ඩෙවින් ගියේ මේ වෙලාවෙ එයාගෙ හිතටත් නිදහසක් ඕනි කියලා  ඩෙවින්ට හිතෙද්දි....

බංගලාවටත් ගිහින් ටිකක් වෙලා ඉඳලා ඩෙවින්ට නින්දෙ ගියේ ඊයේ රෑම නින්දක් නැති නිසා වගේම තිබ්බ ඇඟේ අමාරුවටත් එක්කමයි....

ඩෙවින් ඇහැරෙනකොට දවල් 1 විතර වෙලා තිබුනා... ඒ වෙලාවට වත් ඩෙවින් ඇහැරුනේ බංගලාවෙ වැඩ කරන ගෑනු කෙනා ඩෙවින්ට කෑම කන්න කතා කරපු නිසා.... මූනත් සෝදගෙන ඩෙවින් කෑම කෑවෙ තුවාල වල වේදනාව අඩුවක් නැතුව දැනෙද්දි....

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now