chapter 18 😈😇

609 122 4
                                    

මොකද ඉතින් ඩෙවින් හිටියෙ සූටි කොට කලිසන් කෑල්ලක් විතරක් ඇඳගෙන.. ඩෙවින්ටත් ඇඳුමක් ඇඳ ගන්න මීටර් නොවුනෙ.. එනවා කිව්වට මෙච්චර ඉක්මනින් මිකිල් එයි කියලා හිතුවෙ නැති නිසා...

ඒත් ඉතින් මිකිල්ගෙ ඇස් නම් තිබ්බෙ ඩෙවින්ගෙ පපුවෙ... ජිම් ගිහින් ගානට හදන් හිටිය ඇඟක් තමා ඩෙවින්ට තිබ්බේ... ඒ එක්කම මිකිල් කල්පනා කරේ තමන්ගෙ ඇඟ ගැන. එතකොට නම් එයාට ටිකක් දුක හිතුනා...

මිකිල් කටත් ඇරන් ඉන්නවා දැක්කම ඩෙවින්ගෙ කන් දෙකත් රතු උනා... කොල්ලා නැමිලා ඇහුවෙ බලලා ඉවරද කියලා...

ඒ වෙලාවෙ තමයි මිකිල් හරි සිහියට ආවෙ...

😇 අනේ බලන්නම හරි එක්කෙනානෙ කියලා ගස්සයගෙන මිකිල් ගේ අස්සට ගියේ ඩෙවින්වත් තල්ලු කරන්...

අහිංසකයා වගේ හිටියට මේ කොල්ලා හිතන තරම් අහිංසක නෑ කියලා නම් ඩෙවින් මේ වෙද්දි දැනන් හිටියා...

ගේ ඇතුටල ආවත් හරි මිකිල් තව සප්‍රයිස් උනේ ඇස් දෙකත් ලොකු කරන් ගේ වටේ බලද්දි...

ඇඳුමක් දා ගන්න වෙලාවක් නැති ඩෙවින්ට ඉතින් ගේ අස් කරන්න කොහෙත්ම වෙලාවක් නෑ නෙ 😅

ඒ නිසා ඉතින් ගේ නම් තිබ්බෙ අපායක් වගේම තමයි.. එක එක බඩු වලින් ගේ පිරිලා. බියර් ටින් බිම හැමතැනම.. ගලවපු ඇඳුම් සෝෆා එකේ.. කාපු ස්නැක් පැකට්ස් ස්ටූල් එක උඩ.. කිචන් එකේ හෝදපු නැති භාජන ගොඩ ගහලා..

ඇස් දෙකත් චූටි කරලා මිකිල් ඩෙවින් දිහා බැලුවෙ තරවටු කරන්න වගේ....

😇 ගෙයක්ද මේක ඌරු කොටුවක්ද.. කොහොම අයියේ මේ ගෙදර ඉන්නෙ ඔයා... මිකිල් බනින්න ගත්තෙ එයා ගෙනාපු බඩු ටිකත් කිචන් එකේ තියලා කොස්සත් අරන් එන ගමන්...

ඩෙවින්ට නම් ගානක් නෑ ඉතින් ඔහේ සොෆා එකට වෙලා කකුල් දෙකත් ස්ටූල් එක උඩින් තියන් ඉන්නවා..

ඕක දැක්කම නම් මිකිල්ට කේන්ති ගියේ ඇත්තටම. මොකද ඉතින් එයා මෙච්චර කෑ ගහද්දි කිසි ගානක් නෑ වගෙ ඉන්නවනෙ.. අතට අහු වෙච්ච කුශන් එකකින් ඩෙවින්ට එකක් ගහපු මිකිල් බැන්නෙ ලොකු මහත්තයා වගෙ ඉන්නැතුව අස් කරන්න උදව් වෙන්න කියලා...

ඩෙවින් නම් කොහෙත්ම කැමති නෑ ඔය අස් කරන වැඩ වලට ඒත් ඉතින් කොල්ලා උදව් කරන්න ආවෙ මූනත් එල්ලන්..

මිකිල් ඒකටත් බනිනවා.. 😅

😇 මොකද ඔය මූන එල්ලන් ආහ් 😒😒 මගෙ ගෙදර අස් කරනවා වගේ හරියට... ඒර්ර්ර්ර් පේන්නෑ මෙතන හැටි.. යන්න මේ කුනු ඔක්කොම එකතු කරලා ඩස්ට්බින් දාන්න....

දෙන්නා ගේ අස් කරන්න ගත්තත් මොකද පටන් ගත්තෙ වෙලේ ඉඳන් මිකිල්ගෙ කෑ ගැහිල්ලෙ අඩුවකුත් නෑ ඩෙවින් බැනුම් අහන එකේ අඩුවකුත් නෑ ...... පුංචි පුංචි රණ්ඩු දඟ වැඩ එක්ක මුලු ගේම අස් කරලා ඉවර කලේ දෙන්නගෙම හොඳ පන යද්දි.....

😇 හම්මූ.. අයියේ මෙච්චර කල් මේ දුවිලි අස්සෙ කොහොමද හිටියෙ ඔයා.. මේහ් මීට පස්සෙ නම් ඇඳුම් ගලවලා ඒ ටික බාත්‍ රූම් එකේ රෙදි දාන බකට් එකට දාන්න හාද. ආය කාලා බීලා ඒ දේවල් ඒ වෙලාවෙම ඩස්ට්බින් දාන්න. කාපු ගමන් ප්ලේට් එක හෝදන්නත් ඕනි... ආ ආය සපත්තු ගැලෙව්වම අර රැක් එකෙන් තියන්න ඒවා.. හාද මිකිල් ඇහුවෙ කරන්න ඕනි ඔක්කොම ඩෙවින්ට කියලා...

😈 හා හා ඉතින්..
කොල්ලා නම් හිටියෙ වැරැද්දක් කරලා අම්මට අහු උන පොඩි එකෙක් වගේ...

ඒ එක්කම ආය ගෙදර ඩෝ බෙල් එක වැදුනෙ ඩෙවින් නැගිටලා යද්දි....

ඇවිත් හිටියෙ ඩිලිවරි බෝයි කෙනෙක්. ඩෙවින් කලින්ම දෙන්නටම කෑම ඕඩර් කලේ ගෙදර කන්න මුකුත් තිබුනෙ නැති නිසා..

කෑම දෙකත් අරන් මිකිල්ට කතා කලේ කන්න එන්න කියලා.. ඒත් මිකිල්ට නම් ඕනි වෙලා තිබ්නෙ වොශ් එකක් දා ගන්න. මොකද ගේ අස් කරලම මිකිල් හිටියෙ දාඩිය නාලා...

😈 ඉස්සෙල්ලා එන්න කමු. ඊට පස්සෙ වොශ් එකක් දා ගන්න ඩෙවින් කිව්වෙ මිකිල්ව ඇදලා පුටුවෙන් ඉන්නදව ගන්න ගමන්...

දෙන්නත් එක්කම කාලා ඉවර උනාම ඩෙවින් එයාගෙ රූම් එකේ බාත් රූම් එකට යන්න කිව්වෙ මිකිල්ට වොශ් එකක් දාන්න.. ටවල් එකත් අරන් ගිය කොල්ලා ආය ආවෙ වොශ් එකක් දාන් අඳින්න ඇඳුමක් නැති නිසා... ඩෙවින් කබඩ් එකෙන් බොටම් එකකුයි හුඩ් එකකුයි දුන්නෙ ඒක මිකිල්ට ටිකක් ලොකු උනත් වෙන පොඩි ඇඳුම් නැති නිසා...

මිකිල් වොශ් දාන අතරතුර ඩෙවින් බැලුවෙ ගේ දිහා..මිකිල් ආවට පස්සෙ ගේත් එලිය වෙලා කියලා ඩෙවින්ට හිතුනා...

ටිකකින් මිකිල් එලියට ආවෙ ඔලුවත් පිහිදාන ගමන්... ඇඳුම ලොකු වෙයි කියලා හිතුවත් එච්චර ලොකු අවුලක් තිබ්බෙ නෑ.. මිකිල් ආවට පස්සෙ ඩෙවිනුත් ගියේ වොශ් එකක් දාන්න...

ඩෙවින්ගෙ රූම් එක වටේම ආයෙමත් බලපු මිකිල් කණ්නාඩිය ඉස්සරහා ඉඳගත්තෙ ඔලුව පිහිදාන ගමන්....

~Blackcoffee~

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now