chapter 06 😇😈

838 153 8
                                    

දවසම ලෙක් වල ඉඳලා මිකිල් නම් හිටියෙ මහන්සියෙන්. ඒත් එයා හරි සතුටින් හිටියෙ මොකද අලුත් යාලුවො ගොඩක් එක්ක එකතු වෙලා නිදහසෙ ඉන්න හම්බුනේ කාලෙකට පස්සෙ නිසා. යාලුවො එක්ක ඉද්දි මිකිල්ට ඉස්සර දේවල් මතක් වෙන එක ගොඩක් දුරට අඩු උනා. ඒ නිසා මිකිල් ටිකක් සැනසීමෙ හිටියා...

මිකිල් අපාර්ට්මන් එකට යන්න කලින් ෆුඩ් සිටි එකට ගියේ උයන්න ඕනි බඩු ටිකකුයි ගෙදරට ඕනි බඩු ටිකකුයි ගන්න. බඩුත් අරන් පයින්ම ගෙදර ආවෙ සීතල හුලඟක් එක්කම හිත ටිකක් නිදහස් වෙද්දි...

වොශ් එකකුත් දාන් ඇවිත් උයන්න ගත්තම තමා මිකිල්ට තමන් එක්කම කේන්තියක් ආවෙ.ඔක්කොම බඩු ගෙනාවට කුකින් ඔයිල් ගන්න අමතක වෙලානෙ.... එර්ර්ර්ර් මේ රෑ ආය මාකට් පලයන්කෝ... මිකිල් තමන්ටම බැන ගත්තෙ ඔලුවටත් එකක් ගහ ගන්න ගමන්. ඇඳන් හිටිය ශෝටට උඩින් හුඩ් එකක් දා ගත්ත මිකිල් පර්ස් එකක් අරන් ගියේ සුපර් මාකට් එකට....

......................................................................................
ගෙදර ගිහින් වොශ් එකකුත් දාන් කිචන් එකට ආපු ඩෙවින් බැලුවෙ නූඩ්ල්ස් එකක් හදන්න. කබඩ් එක ඇරලා බැලුවම තමා දැක්කෙ නූඩ්ල්ස් ඉවර වෙලා කියලා. කිචන් එකේ තිබ්බ කබඩ් ඔක්කොම ඇරලා බැලුවත් එකකවත් කන්න මුකුත් තිබ්බෙ නෑ. කමක් නෑ කිරි එකක් බීලා නිදා ගන්නවා කියලා ෆ්‍රිජ් එක ඇරියම තමා ඩෙවින්ට දවල් තරු පෙනුනෙ.  ෆ්‍රිජ් එකටම තිබ්බෙ එක වතුර බෝතලයක් විතරයි. එතකොට තමා ඩෙවින්ට මතක් උනේ තිබ්බ අන්තිම බියර් කේස් එකක් ඊයෙ අරුන් දෙන්නට දුන්නා නේද කියලා....

කන්නෙ නැතුව නිදා ගන්නවා කියලා හිතුව ඩෙවින් ටිවි එක දා ගත්තෙ මූවි එකක් බලන්න. දෙවි පිහිටෙන් මූවි එක පටන් අරන් ටිකක් වෙලා යද්දි ඒකෙත් යන්නෙ කෑම කන සීන් එකක්. දැන් නම් ඩෙවින්ට කෙලත් ගිලෙනවා ඒ එක්කම කොල්ලගෙ බඩත් කෑ ගහන්න ගත්තෙ දැන් නම් සුපිරියට බඩගිනි කියලා තේරෙද්දි...

කරන්නම දෙයක් නැති නිසා ඩෙනිමකුත් දාන් පර්ස් එකත් අරන් ඩෙවින් එලියට බැස්සෙ කන්න මොනා හරි ගේන්න....

මාකට් එකට ගිහින් නූඩ්ල්ස් බල බල ඉද්දි ඩෙවින් දැක්කෙ පුරුදු මූනක්.. කවුද කියලා ඔලුව දාලා බලද්දි නම් ඩෙවින්ගෙ කට කොනට හිනාවක් ආවා... ඩෙවින් බලන් හිටියෙ මොකද්ද මේ කරන්නෙ කියලා..

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now