chapter 33 😈😇

683 116 9
                                    

ඩෙවින්ව දැක්ක ගමන් මිකිල්ගෙ මූනට ආවෙ ලස්සන හිනාවක්.. ඒත් ඒ හිනාව එච්චර වෙලා තිබුනෙ නම් නෑ...

මිකිල් ඩෙවින්ගෙ පැත්තට ඇවිදන් එද්දි ඩෙවින් එතනින් නැගිටලා ගියේ මිකිල්ව දැක්කෙ නෑ වගේ...

😇 සුවී ඔහොම නවතින්නකෝ...

😇 සුවී අනෙ පොඩ්ඩක් මාත් එක්ක කතා කරන්න....

මිකිල් ඩෙවින්ට කතා කර කරම පස්සෙන් ගියත් ඩෙවින් දිගටම ඇවිදන් ගියේ කිසි දෙයක් ඇහෙන්නෙ නෑ වගේ....

දිගටම ගිහින් ඩෙවින් එක පාර නැවතුනෙ කවුරුවත් පේන්න හිටියෙ නැති දැනක...

මෙච්චර කතා කරලා අන්තිමට ඩෙවින් නැවතුනාම නම් මිකිල්ට දැනුනෙ සහනයක්...

ඩෙවින් යන එකත් නවත්තලා මිකිල් දිහාට හැරුනෙ ඇයි කියලා අහන බැල්මකින්.. ඒත් ඩෙවින් වචනයක් වත් කතා කරේ නම් නෑ....

දිගටම අඬලා අඬලම මිකිල්ගෙ ඇස් ඉදිමිලා රතු වෙලා තිබුනා ඒ වගේම දවස් ගානක් හරියට කෑවෙ නැති නිසා මිකිල්ගෙ අතපය වගේම ඒ චබී කම්මුල් දෙකත් කෙට්ටු වෙලා තිබ්බෙ මේ දවස් ටිකට මිකිල් හුඟක් වෙනස් වෙලා කියලා ඕන කෙනෙක්ට තේරෙද්දි...

ඩෙවින් මේ හැම දේම දැක්කත් එයාට එ කිසි දෙයක් වැදගත් උනේ නෑ මොකද මිකිල් කියන්නෙ එයාට දැන් නිකම්ම නිකන් කෙනෙක් විතරක් නිසා....

දවස් ගානක්ම බලාපොරොත්තුවෙන් හිටිය රූපෙ අන්තිමට දැක්ක නිසා මිකිල් ඩෙවින් දිහා බලන් හිටියෙ දිලිසෙන ඇස් වලින්...

දවස් දෙක තුනකින් කපපු නැති රැවුල, හරියට නින්දක් නැති නිසා ඇස් යට තිබුන කලු පැල්ලම් දැක්කම මිකිල් තේරුම් ගත්තා ඩෙවින් එයාටත් වඩා මේ දවස් ටිකෙ දුක් විඳලා තියෙනවා කියලා.. ඒත් හදිස්සියේම මිකිල් දැක්කෙ ඩෙවින්ගෙ අත් වල තිබ්බ තුවාල....

😇 සුවී... මේ මොකද උනේ... කියන ගමන් මිකිල් ඩෙවින්ගෙ අත අල්ලන්න ගියත් ඩෙවින් අත අහකට ගත්තෙ මිකිල්ගෙ ඇස් වලට ආයෙමත් කඳුලු පිරෙද්දි....

මිකිල් ඩෙවින් දිහා බලන් හිටියත් ඩෙවින් නම් තාම වචනයක් වත් කතා කලේ නෑ...

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Dove le storie prendono vita. Scoprilo ora