chapter 26 😈😇

622 109 3
                                    

මිකිල් අහපු දේට ඩෙවින් කිව්වෙ අපි අද ඩේට් එකකට යමු කියලා...

මිකිල් නම් හිටියෙ වචනෙන් කියලා විස්තර කරන්න බැරි තරම් සතුටකින්...

ලෙක්චර් ඉවර උන ගමන් මිකිල් ඉක්මන්ට ගෙදර ගියේ ඩෙවින්ට එයාව ගන්න එන්න කියන ගමන්...

මිකිල් ලෑස්ති උනේ දුඹුරු පාට කැශුවල් ටවුසර් එකකට බ්ලැක් ටී එකක් යට කරලා.. නෝමල් ශූස් දෙකක් දාලා...  මිකිල් ලෑස්ති වෙලා ටිකකින් ඩෙවින් ආවෙ සුදු ස්කිනි එකකට බ්ලැක් ට්‍රවුසර් එකකුයි බ්ලැක් කෝට් එකකුයි දාගෙන....

බයික් එක නවත්තලා ඩෙවින් මිකිල්ට කතා කරේ ලඟට එන්න කියලා.. මිකිල් ලඟට ගිහින් හිට ගත්තම ඩෙවින් මිකිල්ට හෙල්මට් එක දැම්මෙ චුට්ටක් හිනා වෙන ගමන්.... ඩෙවින්ගෙ ආදරේ මේ විදියට දැනෙද්දි මිකිල් හිටියෙ පුදුමාකාර සතුටකින්... බයික් එකේ යන ගමන් ඩෙවින් ඇහුවෙ කොහෙද යන්න ආසා කියලා... කොල්ලා ඉතින් ගත් කටටම කිව්වෙ ferris wheel එකක යන්න ඕනි කියලා...

London වල ලස්සනම ferris wheel එක තිබ්බෙ thames river එක ලඟ... ඩෙවින් මිකිල්ව එතන්ට එක්කන් යන්න ගියේ තමන් ආදරේ කරන කෙනාට හොඳම දේවල් දෙන්න ඕනි කියලා ඩෙවින් හිතපු නිසා...

බයික් එක රිවර් එක ලඟ නැවැත්තුවම මිකිල් බැහැලා වට පිට බැලුවෙ ඇස් දෙකත් දිලිසෙද්දි... වෙලාව 7 ට විතර ඇති නිසා පාක් එකේ ලයිට්ස් ඔක්කොම දාලා තිබුනෙ සුරංගනා ලෝකයක් වගේ වටපිටාව පේද්දි...

ඩෙවිනුත් බැහැලා මිකිල්ගෙ අත අල්ලගත්තෙ මිකිල් ඇස් දෙකත් ලොකු කරන් ඩෙවින් දිහා බලද්දි... 

ඇස් දෙකත් චූටි කරලා ඩෙවින් යමුද අහද්දි මිකිල් ඔලුව වැනුවෙ සතුටින් හා කියන්න... ඩෙවින් එක්කම රිවර් එකේ බැම්ම ලඟ මිකිල් නැවතුනේ වටේ ලයිට්ස් එක්ක රිවර් එකේ යන බෝට්ටු ලස්සන්ට පේද්දි...

බෝට්ටු දිහත් බලන් ඉඳලා එතන තිබ්බ අයිස්ක්‍රීම් කඩයක් පෙන්නලා මිකිල් අයිස්ක්‍රීම් ඉල්ලුවෙ පොඩි බබෙක් වගේ... ඩෙවින් ගිහින් මිකිල්ට විතරක් අයිස්ක්‍රීම් එකක් අරන් ආවෙ අයිස්ක්‍රීම් කාලා එයාට ආය උන වැඩි වෙයි කියලා....

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Onde histórias criam vida. Descubra agora