chapter 21 😈😇

638 123 3
                                    

නිදා ගන්න ඇඳට ගියත් දෙන්නටම නිදි මතක් අහලකටවත් ආවෙ නැත්තෙ දෙන්නගෙම හිත කලබල වෙලා තියෙද්දි....

😇 අයියෙ ඔයා නිදිද... මිකිල් ඇහුවෙ ඩෙවින් නිදිද බලන්න..

😈 ම්ම්ම් නෑ ඇයි....

😇 මට නින්දෙ යන්නෑනෙ මගෙ ටෙඩියා නැතුව... මිකිල් කිව්වෙ හැරිලා ඩෙවින් දිහා බලාගෙන...

නයිට් ලෑම් එකේ චූටි එලිය අස්සෙන් මිකිල් දිහා බලාගෙන හිටිය ඩෙවින් ඇහුවෙ දැන් මොකද කරන්නෙ කියලා..

😇 අයියෙ... ඔයාට බැරිද මාව තුරුල් කර ගන්න... කොල්ලා ඇහුවෙ හෙනම අහිංසක විදියට...

මේක ඇහුවම ඩෙවින්ට පොඩි හිනාවක් ගියත් ඩෙවින් ඔලුව වනලා කිව්වෙ ලඟට එන්න කියලා...

ඩෙවින්ගෙ එක අතක් උඩින් මිකිල්ගෙ ඔලුව තියද්දි අනිත් අතෙන් මිකිල්ගෙ ඉන වටේට අත දාලා ඩෙවින් තවත් මිකිල්ව ලඟට ගත්තේ ඒ උණුසුමට මිකිල් ගුලි වෙද්දි....

මිකිල්ට නම් මේ වෙලාවෙ එක එක දෙවල් මතක් උනා... කොල්ලා හිමීට ඩෙවින්ගෙ බෙල්ල කිස් කලේ ඩෙවින්ට කිති කැවෙද්දි...

ඒයි ගුටි කන්නැතුව නිදා ගන්න... ඩෙවින් චුට්ටක් සැර කලේ එයාගෙ පාලනේ නැති වෙලා එයා මිකිල්ට මොනා හරි කරයි කියලා තිබ්බ බය නිසා..

ඩෙවින් බැන්නට පස්සෙ නම් ඉතින් දඟ වැඩ නවත්තලා මිකිල් නිදා ගත්තෙ එක අතක් ඩෙවින්ගෙ ඉන වටෙනුත් දාගෙන...

මිකිල්ට නින්දෙ යනකම්ම එයාගෙ පිටට හිමින් තට්ටු කර කර හිටිය ඩෙවින් ඒක නවත්තලා මිකිල්ගෙ නලලට චුටි කිස් එකක් දුන්නෙ amore කියලා මුමුණන ගමන්...

ඩෙවින්ගෙ අම්මා ඉතාලි කෙනෙක්. ඒ නිසා ඩෙවින්ටත් ඉතින් හොඳට ඉතාලි භාශාව පුලුවන්.. amore කියන්නෙ ඉතලි වලින් ආදරෙයි කියන එක....

ඉස්සරහට මේ දේවල් කොහොම වෙයිද කියලා හිතන ගමන් ඩෙවිනුත් නින්දට වැටුනෙ මිකිල්ගෙ උණුසුම එක්ක සනීපෙට නින්දෙ යද්දි...

උදේ ඉස්සෙල්ලාම ඇහැරුනේ නම් මිකිල්.. කොල්ලා වට පිට බලද්දියි දැක්කෙ එයා තාම ඉන්නෙ ඩෙවින්ගෙ තුරුලෙ කියලා.. තාමත් නිදාගෙන ඉන්න ඩෙවින්ගෙ ඇස් වලයි නහයෙයි තොල් මතයි ඇඟිලි අරන් ගිය මිකිල් හිනා උනේ මේ චණ්ඩියා මගේ නේද කියලා හිතන ගමන්..

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now