chapter 17 😈😇

781 134 7
                                    


මේක මිකිල්ගෙ ෆස්ට් ලව් එක උනාට ඩෙවින්ට නම් මීට කලින් කෙනෙක් ඉඳලා තියෙනවා...

ඒ එයා ඉස්කෝලෙ යන කාලෙ තිබ්බ සම්බන්දයක්..... ඩෙවින් කිසි කෙල්ලෙක්ව ගනන් ගන්නෙ නැති වෙන්න හේතුව උනෙත් මෙයා තමයි... මොකද කිව්වෙත් ඩෙවින්ගෙ ෆස්ට් ලව් එක උනෙත් කොල්ලෙක්... එතකොට තමයි එයා දැන ගත්තෙ එයා gay කියලා..  ඩෙවින් ඉන්න රටේ කල්චර් එකත් එක්ක ඒක එයාට කිසිම ප්‍රශ්නයක් උනේ නෑ... ඩෙවින් ඒ බෝයි එක්ක හුඟක් සතුටින් තමයි හිටියෙ.. ඩෙවින් එයා ඉල්ලන හැමදේම වගෙ එයාට දුන්නා.. ඒත් අන්තිමට ඒ බෝයි ඩෙවින්ව දාලා ගියෙ ඩෙවින්ගෙන් ගන්න තියෙන ප්‍රයෝජන ඔක්කොම අරන්. එතකොටයි ඩෙවින් තේරුම් ගත්තේ ඒ කොල්ලා මෙච්චර කල් ආදරේ කරලා තියෙන්නෙ තමන්ගෙ සල්ලි වලට කියලා...

මේ සිද්දිය එක්කම ඩෙවින්ට ආදරේ කියන දේත් එපාම උනා.. මොකද ඩෙවින් ඒ තරම් අර බෝයිට ආදරේ කලා.. අන්තිමට ඩෙවින් තීරණෙ කලේ හැමදේකින්ම ඈත් වෙලා ඉන්න. අවුරුදු ගානකට පස්සෙ ඩෙවින්ගෙ හිත හොල්ලන්න පුලුවන් උන එකම එක්කෙනා තමයි මිකිල්...

රෑ පරක්කු වෙලා නිදා ගත්ත නිසා ඩෙවින් උදේ ඇහැරෙනකොටත් ටිකක් පරක්කු වෙලා තිබ්බා.. ඇස් දෙකත් පිහි දාදා ඈනුමකුත් අරින ගමන් ඩෙවින් බැලුවෙ වෙලාව කීයද කියලා... හප්පට 8 යි වෙලාව.. 8.30 ට ලෙක් පටන් ගන්නවා.. ඇඳෙන් පැනගෙන බාත් රූම් එකට දිව්ව ඩෙවින් විනාඩි 10 න් වොශ් එකකුත් දාන් ආවෙ ඉක්මන්ට ලෑස්ති වෙන්න. ෆෝන් එකත් අරන් ගෲප් චැට් එක ඕපන් කරද්දි නම් ඩෙවින්ට අමුත්තක් දැනුනා. මොකද වෙනදා උදේට මැසේජ් තොගයක් එනවා මේ වෙද්දි එත් අද එකක් වත් නෑ. ඩෙවින්ට ඉක්මන්ට බැලුවෙ  කැලැන්ඩර් එක දිහා.. හරිනෙ ඔය කරලා තියෙන්නෙ... ඩෙවින්ගෙ මූනත් දෙක උනේ ඒක දැකලා.. අද කැම්පස් නිවාඩුනේ.. කොල්ලට අමතක වෙලා ඉතින් මේ වීකෙන්ඩ් එක කියලා.....

අපරාදේ කලින් නැගිට්ටෙ.. කොල්ලට ෆුල් අප්සට් තව ටිකක් නිදා ගන්න තිබ්බ චාන්ස් එක නැති උනාට..  හදිස්සියට ඇඳ ගත්ත ශර්ට් එකත් ගලවලා දාලා කොල්ලා ආය ඇඳට පැන්නෙ කම්මැලිකමේ.... ඇඳට ගියාට ආයෙ නින්දෙ ගියෙ නැති නිසා ඩෙවින් කල්පනා කරේ ඉස්සරහට මොනාද කරන්නෙ කියලා... එහෙන් මෙහෙන් මිකිල් ගැන එක එක දේවල් මතක් වෙවී ඩෙවින් මිකිල්ගෙ මතක අස්සෙ හිර උනේ ප්ලෑන් ඔක්කොම අමතක වෙද්දි....  ඒ එක්කම ඩෙවින්ට මතක් උනේ මිකිල්ගෙ ig එකවුන්ට් එක.. කලින් මිකිල් ගැන විස්තර හොයද්දි තමා එයා ඒක හොයා ගත්තේ.. එහෙම්ම ෆෝන් එකත් අරන් බැලුවෙ මිකිල්ගෙ එකවුන්ට් එක...  මිකිල්ගෙ තාත්තගෙ කම්පැනි එකේ කලින් මිකිල් modle කෙනෙක් විදියට වැඩ කරලා තිබුනා.. ඒ නිසා එකවුන්ට් එකේ එයාගෙ ලස්සන පින්තූර සෑහෙන්න තිබුනා..

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Tempat cerita menjadi hidup. Temukan sekarang